(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (12) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2136 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ මැයි 23 සිට ජූනි 11 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 30ක් සහ පිරිමි අය 33 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් හත්දෙනකු නිවසේදී මියගොස් ඇති අතර නවදෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
ලුණුවත්ත, බණ්ඩාරවෙල, ගාල්ල, තිසාවැව, වෙන්නප්පුව, අලුත්මල්කඩුවාව, නාරම්මල, වාරියපොල, කුඩාගල්ගමුව, බෝයගනේ, රිදීගම, මඩහපොල, පුබ්බෝගම, මොරටුව, කන්නාමුනෙයි, බුලත්සිංහල, වැල්ලවත්ත, පිළියන්දල, කෝට්ටේ,මකුල්දෙණිය, මාවනැල්ල, නාවලපිටිය, පානදුර, අරණායක, වාලච්චේන, වලල්ලාවිට, පූඩළුඔය, හන්දෙස්ස, හතරලියද්ද, මහනුවර, ගම්පොල, නෑබොඩ, බොල්ලස්සගම, බණ්ඩාරගම, දන් ඕවිට, කටුකිතුල, පිළිමතලාව, දොම්පේ, දොඩංගොඩ, මතුගම, මීගහතැන්න, වස්කඩුව, වරාපිටිය, පෝරුවදණ්ඩ, හාවාඑළිය, ඉබ්බාගමුව, කල්මුණේ, දොරවක, අකුරණ, පිරෙයිතුරච්චේන සහ වරකාමුණ යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ මරණවලට හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණවලට හේතුව කොරෝනා එහෙම නෙමෙයි නේද?
ඔය මැරෙන හැමෝම කොරෝනා කියලා පරීක්ෂා කළේ. චීනයෙන් හරි වෙන රටකින් හරි ගෙනාපු මැෂින් එකකින් පරීක්ෂා කරලද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..