
(තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරසය මර්දනයට මෙරට ජනතාවට " ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා " නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.
කොරෝනා රෝග තත්ත්වය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියාය.
මෙම එන්නත දිවයිනෙහි ස්ථානය 4000 කදී ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරිය සදහන් කළ අතර මේ සදහා ඉලක්කගත කණ්ඩායමක් හදුනාගැනීමට පියවර ගෙන ඇති බවයි.
එන්නත ලබා දීමේ දැවැන්ත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය පළාත් සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ සහාය ඉල්ලා සිටින බවද මෙහිදී පැවසූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟක් රටවල්වල දැනටමත් බෙහෙත් විදලා ඉවරයි... ලංකාව තවම ලෑස්ති වෙනවා.
අනේ ගරු ජනාධිපතිතුමනි, අපේ දේශීය ධම්මික පැණිය ජනතාවට දෙන්න කටයුතු කරන්න. අපේ දේ රැකගන්න පෙරට එන්න.
කෝ මේ පැණි ධම්මික? කාලෙකින් දැක්කේ නැහැ.
කට්ටියටම හැදෙන්නම ඕනේ වුණා එහෙනම් බෙහෙත ගේන්න මතක් වෙන්න.
කෑගල්ලේ වෙදාගේ පැණියට, රිටිගල රාවණා පැණියට මොකද වෙන්නේ..? මොනතරම් ප්‍රචාරයක් දුන්නද?
බෙහෙත ඉල්ලලා ලියුමක් යැව්වාද?
මේක කියන්නේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෛද්‍ය තුමිය හින්දා විශ්වාස කරනවා. නැතිනම් ඔය සමහර නෝනලා කිව්වා නම් අපි සත 5කට ගණන් ගන්නේ නැහැ..
ඔයාලගේ කාලි අම්මාට එහෙම කරන එක හරිද?
එන්නත් වර්ග 3ම රටට එන හැඩයි. නරක නැහැ.. පැණි වර්ග 2යි. එන්නත් වර්ග 3යි. කෝවිඩ් ලංකාවෙන් තුරන් කරලා දාවි වගේ. අවුරුදු වලට කළින්.
රටේ ජනාධිපති කියනවා චීන එන්නත ගෙන්නන්න ලියුමක් තැපැල් කළා කියලා. මෙයා කියනවා ඔක්ස්ෆර්ඩ් එන්නත දෙනවා කියලා. කිසිම දැක්මක් නැහැ ආණ්ඩුවට. කෙසේවෙතත් අර 69 ලක්ෂයට චීන එන්නත් දීලා අනිත් අයට ඔක්ස්ෆොර්ඩ් එන්නත දෙන්න...
ජනාධිපති ගෙන්වන චීන එන්නත 69 ලක්ෂෙට දීලා අනෙක් රටේ පුරවැසියන්ට ඔක්ස්ෆෝර්ඩ් එන්නත ලබා දෙන්න.