IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනා මඩින්නට පොලී⁣සියෙන් වීදි නාට්‍ය

ප්‍රියානි මංගලිකා

කොරෝනා  වයිරස ආසාදිතයන් අටදෙනෙකු වාර්තා වූ  නිකවැරටිය  මැතිවරණ කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම සඳහා  නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපත් කළ වීදි නාට්‍ය සංදර්ශනයක් අද ( 23 ) නිකවැරටියේ දී පැවැත්විණි.

මෙහිදී  ජනතාව අනිවාර්යයෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපැදිය යුතු බවද ,ජනතාව නගරයට පැමිණිය යුතු ආකාරය පිළිබඳවද, එලෙස කටයුතු නොකරන අයට  නීතිමය පියවර ගන්නා  බවද නාට්‍යයෙන් දැනුවත් කෙරිණි.

නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා ප්‍රකාශ කළේ නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් , රස්නායකපුර , කොටවෙහෙර , ⁣කොබෙයිගනේ , මහව, අඹන්පොළ , ගල්ගමුව  , ගිරිබාව , පොල්පිතිගම , මීගලෑව , පන්සියගම යන සෙසු පොලිස් වසම් දහය තුළද මෙම වීදි නිට්‍ය සංදර්ශන මාලාව පවත්වා ජනතාව දැනුවක් කිරීමට පියවර ගන්නා බවය.
                         
කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව, පොලිස් අධිකාරී කාර්යාල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකය විසින් වැඩසටහන සංවිධානය කෙරිණි .



අදහස් (5)

කොරෝනා මඩින්නට පොලී⁣සියෙන් වීදි නාට්‍ය

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 09:19 AM

සිතට සතුට ගෙනදෙන දසුන් පෙළක්. සත්‍ය වශයෙන්ම මෙවන් අවස්ථාවකදී නාට්‍ය ආකාරයෙන් රෝගය සම්බන්ධව ජනතාවගේ සිත් සතන් වලට ඔවුන්ටද නොදැනෙන ආකාරයට කරුණු කාරණා මතකයේ රැඳවීම හොඳ බුද්ධියකින් කළ වැඩක්. නිකවැරටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා ප්‍රමුඛ සැමට අපගේ ස්තුතිය...

:       251       315

sugath Saturday, 23 May 2020 11:07 AM

මේක රඟපෑමක් වෙන්නේ කොහොමද?

:       2       0

rana Sunday, 24 May 2020 04:38 AM

පහර දෙන්න අපේ පොලිසිය හරි දක්ෂයෝනේ?

:       24       22

kusal Sunday, 24 May 2020 07:37 AM

ගල් යුගයේ ජීවත්වෙන ගොරකයින්ගෙන්, අපේ රට පිරිලා ඉතිරිලා...

:       73       137

vidya Monday, 25 May 2020 04:38 AM

මෙවැනි රඟපෑම් ඉතාම කදිමයි. නමුත් හොර කසිප්පු බීලා ගෙදර ගියොත් ඔය පොලු සංග්‍රහය ගෙදර උන්දැලාගෙන් ලැබෙන්න පුළුවන්...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site