(අංජුල මහික වීරරත්න)

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් මිලියන 1989.75 ක මුදල මේ මස 31 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට විසින් අදාල මුදල් ගෙවීමට තිබිණි.

අදාල  මුදල ගෙවීමත් සමග කොවිඩ් වසංගතය හේතුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නොගෙවා තිබූ බිල්පත් සියල්ල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වන බව අමාත්‍යවරයා කීය.

මීට අමතරව මේ වසරේ  කළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 1112.57 ක මුදලද මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට සැලසුම් කර ඇති බවද ඇමතිවරයා කීය.