(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ කොරෝනා එන්නත් හිඟයක් ඇති වුණේ රජයේ නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (4 )පැවසීය.
මේ රජයට විදේශයන් සමග සබඳතා පවත්වමින් එන්නත් ගෙන් වීමේ හැකියාවක් නැතැයිද ඔහු කීය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
සීනිවලින් හොරකම් නොකර එම මුදල් වලින් එන්නත් ගෙන්වූයේ නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බව කී ප්‍රේමදාස මහතා ආණ්ඩුව කොරෝනා අරමුදල ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට යොදා ගෙන නැතැයි චෝදනා කළේය .
ආණ්ඩුව කොරෝනාවලට බෙහෙත් දීම අමතක කර කොරෝනා දේශපාලනයක නිරත වන බවද දැන් දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට රජය සූදානම් වන බව ද ඔහු පැවසීය
රජය කොවිඩ් පාලනය අමතක කර ඇතැයි ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යක්ෂම මෙන්ම රටට ආදරේ අවංක පුරවැසියකු මෙය කිව්වා නම් නීතිගරුක පුරවැසියන් හට පිළිගත හැක.
කතාව ඇත්ත. මෙයා තමයි සාර්ථකම කෙනා.
හැකියාව තියෙන කෙනා ගෙනෙල්ලා පෙන්නන්නකො බලන්න නිකන් පුරසාරම් නැතිව.
ඇතැමුන්ට ඕනම මාතෘකාව ක් තම දේශපාලන වාසියට හරවා ගත හැක .
අනෙ නිකන් ඉන්න
ඔබ තුමාල ආන්ඩුව කරන කාලෙ පාස්කු ප්‍රහාරය වලක්ක ගන්න බැරිඋන මතකයිනෙ.
කට වහගන්න.
රජය අපොහොසත් කම නිසානේ...!!!
මේ වගේ විපක්ශ නායකයෙක් ඉන්නකන් තව අවුරුදු 10කටවත් ආන්ඩුව පරද්දන්නනම් බෑ.
මෙයාලාට කොරෝනා හැදිලාද නැත්නම් මෝලේ මැලේරියා හැදිලාද?
කට තිබුන පලියට ගොබ්බ කතා කියන්න එපා හලෝ. ඉන්දියාවේ එන්නත ඉපදවන කොම්පැනිය අයිතිකාරයත් එංගලන්තෙට පැන්න කියලා ප්‍රවෘත්ති වලදී කිව්වා. ලෝකේ කොවිඩ් තිබෙන්නේ අපිට විතරක් නොවෙයි. එන්නත නිපදවන ඉන්දියාවේ දරුණු ලෙස කොවිඩ් තිබෙනවා. මුළු ලෝකෙම එන්නත ඉල්ලනවා ඉල්ලපු ගමන් මෙන්න කියලා දෙන්න පුළුවන් කමක් ඒ නිෂ්පාදකයින්ට පුළුවන් කමක් නැහැ. කිව්වොත් මැටි කතාවක් තමයි.
කාර්යක්ෂම පුත්තරයා ඉන්න වෙලාවේ භූමිතෙල්, ගෑස් ටික ගන්නත් පෝලිමේ හිටියා මතකයි