කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙලෙස හඳුනාගත් එක් පුද්ගලයකු ජර්මනියේ සිට සංචාර කර මෙරටට පැමිණි 41 හැවිරිදි පුද්ගලයෙකි.
අනෙක් පුද්ගලයන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි ලාංකිකයන් වන අතර ඔවුහු 43 සහ 37 හැවිරිදි වියේ පසුවෙති.
මින් එක් අයකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
මේ වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් ගණන පස් දෙනෙකි.
COMMENTS
ලංකාවේ සැප මදි කියලා සැපගන්න රට පනිනවා.. අන්තිමට දුකේදී කාටත් දෙවියෝ මතක් වෙන්නාක් මෙන් සැප රටවල් දාලා ලංකාවට පැනලා ඇවිල්ලා එ්කත් නැති කරනවා. නැති කරනවා විතරක් නෙවෙයි අර ඉතාලියෙන් පැනපු හනුමන්තා වගේ කළු මිනිහයි, කැරපොතු සුදුපාට ඉතාලි අක්කයි බයෙන් පැනපු තමන්ට උදව්වට ආපු නිලධාරීන්ටයි, රටටයි අපහාසත් කළා...
කන්දකාඩු වල කට්ටියම හිටියේ එක හෝල් එකක් ඇතුළේ හින්දා දැන් ඉතින් අනිත් කට්ටියටත් හරි.
මම දන්නා විදිහට නම් දැන් ඉතාලියේ ජීවත් වෙන්නේ, ඉතාලියට තබා සෝමාලියාවටවත් ගැලපෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් නොවෙයි. ඉතාලියේ ජීවත් වූවත්, ඉතාලි සමාජයේ හෝ පරිසරයේ කිසිම ඇසුරක් නොලබන, ඉතාලියේ හුදකලා වී සිටින ජීවින් පිරිසකි. ඒ ලාංකික ජීවීන්, ජාති, ආගම්, පක්ෂ, ලංකාවේ ගම් අනුව බෙදී, එකිනෙකාට වෛර කරමින් දිවි ගෙවන ජන සමුහයකි. ඉතාලි මළපොතේ අකුරක් නොදැන එරට රැකියාව කරන මොවුන්, ලංකාවේ ටෙලි නාට්‍ය, හා රුපවාහිනී ප්‍රවෘත්ති රසවිඳ, දේශප්‍රේමයෙන් කුල්මත්වී, තම වර්ගයා සමගම භේදවී සිටින ඔල්මාදකාරයින් රැලකි. ඔවුන් සිතා සිටින්නේ, සියලු දෙනාගේ මොළ ඔවුනට සමාන ලෙසයි. මෙහි අදහස් පලකරන ඉතාලියේ පිටිගල නමැති පුද්ගලයාගේ අදහස් විචක්ෂණශීලීව අධ්‍යනය කිරීමෙන් මේ බව වඩා තහවුරු කර ගත හැකි වේවි.
චීනුන් යනු රටකට වද්දාගත යුතු ජාතියක් නොවේ. මාතර, කතරගම දුම්රිය මාර්ගය හදන කාලයේ එම පෙදෙස්වල සිටිකාලයේ නයි, ගැරඬි අල්ලන් කෑවා. අපට ණය දෙන නිසා මොන ජරාව කෑවත් අපට එය එතරම් ගාණක් නැහැ.
ඔව් ඔව් දැන් සනීප ඇති දැන්වත් නවත්වන්න. අපිවත් නැති කරන්නද යන්නේ...? දැන් ලක්ෂ 69ම කෑ ගහන්න.
මේ අර නිරෝධායනය එපා කියලා කෑගහපු කට්ටියේ අයද? ඒ කියන්නේ චීනෙන් අැරුණාම ගුවන් මගින් ලංකාවට ආපු කිසිකෙනෙක් කලින් පිටරටවලදී කොරෝනා තියෙනවද? නැත්ද? කියලා ටෙස්ට් කරලා නැහැ. ඒක නම් පොඩ්ඩක් භයානකයි. ඒ හින්දා දැන් නම් සංචාරකයින් කවුරු වුණත්, දේශීය, විදේශීය කවුරු වුණත් රට ඇතුළට ගන්න එක ඥාණාන්විත නැහැ. අනිත් එක දැන්නම් මම හිතන්නේ ගුවන් තොටුපළ තාවකාලිකව වැහැව්වොත් හොඳයි කියලා සතියකට දෙකකට විතර... ඒ අතරේ ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ව ඒ කියන්නේ රට ඇතුලේ ඉන්න සියලු සංචාරකයින්ව ඔවුන් නැවතී සිටින ස්ථානවලම සහ සියලු සංචාරක මඟ පෙන්වන්නන්ව අනිවාර්යයෙන් නිරෝධායනය කරන්න වහාම වැඩ පිළිවෙලක් යෙදුවොත් හොඳයි කියලා මම නම් හිතන්නේ. කලිනුත් ලිව්වා ලංකාවේ සියලු සංචාරක මඟ පෙන්වන්නට නිරෝධායනය අනිවාර්ය කරන්න...
හුඟක් රටවල දැන් මිනිස්සු ජිම් යාම නවත්තලා, කොරෝනා වැළඳෙන්න සහ පැතිරෙන්න එක පහසු ආකාරයක් නිසා...
මේ ප්‍රවෘත්තියට අදාළ නොවුණත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විවිධ ජාතීන් අතර පැතිරී යන වීඩියෝපට රැසක් මා නැරඹුවා. ඒවාට අදාළ කමෙන්ට්ස් මට නොතේරෙන භාෂාවන්... මගේ විදේශ මිතුරන්ට පින්සිදු වන්නට මම කියෙව්වා. නමුත් ඒ කිසිදු වීඩියෝ පටයක් ලංකාවේ තරම් තමුන්ගේම ජන වර්ගයා විවේචනය කරන කිසිවක් මා දුටුවේ නැහැ... මෙවන් ජාතියක් මේ ලොවෙහිම මා නොදුටු අතර උපදින මතු භවයක මෙවන් ජාතියක උපතකට හිමිකම් නොලැබේවා යයි පතමි...
අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කලින් කිව්වා අර මග පෙන්වන්නාගේ දරුවට රෝගය නැහැ කියලා. දැන් පවුලේ අට දෙනෙක්ම රෝහල් ගත කරලා කියලා නිව්ස් වල කියන්නේ... දැන් ඒ දරුවා ගිය පාසැල...?
මේ කරුණේදී අපිට හොඳ පාඩමක් කියාදෙනවා... අනාගත ලංකාව අපි කෙසේ සකසා ගතයුතුද කියලා. උගතුන් මේ සම්බන්ධව වටිනා අදහස් සහිත නිබන්ධන ඉදිරිපත් කරනවා විනා අවලාද නගමින් සිටීමෙන් වැඩක් නැහැ සංචාරක කර්මාන්තය අපේ ආදායම වගේම මේ වෙලාවේ අවදානම සලකා කෙටිකාලීනව හෝ වසා දැමීම කළ යුතුමයි.