
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අලුතෙන් ඇඳන් 10,000ක් වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසුවාය.
මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන්(I.C.U) 104ක් වෙන් කර ඇති බවත් තවත් ඇඳන් 138ක් වෙන් කිරීමට සූදානම් කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිවරිය කීවාය.
වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදී ය .
එසේම රෝහල්වල පවතින ඔක්සිජන් ධාරිතාව ටොන් අසූවක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර හාර දහසක් මිලදී ගැනීමට ඇනවුම් කර ඇති බවත් ඇය පැවසුවාය.
ඉන් හාරසියයක් දැනට ලැබී ඇතැයි දවන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
රටට ඉදිරි කාලයේදී එන්නත් රැසක් ලැබීමට නියමිත බව කි සෞඛ්‍ය ඇමැතිවරිය ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් මේ වර්ෂයේ දී කොටස් වශයෙන් ලැබෙනු ඇතැයි ද කීවාය.
මේ අතර චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු වහා තවත් එන්නත් තොග මෙරටට ලබාදීමට චීන රජය සහතික වී ඇතැයිද ජනතාවට එන්නත් ලබාදීම දිගටම කරගෙන යන්නේ යයිද ඇය පැවසුවාය .
මේ ගෝලීය අර්බුදයේ දී ලෝකයේ කිසිදු රටක විපක්ෂයක් දේශපාලනය යොදා නොගත් බව පැවසූ සෞඛ්‍ය ඇමතිවරිය කොවිඩ් මරණ මංචකය ආසන්නයේ සිටි පුද්ගලයකු ලෙස තමා එහි භයානකකම හොඳින් දන්නා බව ද සඳහන් කළාය.
තමා කොවිඩ් වැළඳී දැඩි සත්කාර ඒකකයේ ඇඳක පවා සිටි කෙනකු යයිද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
කොරෝනා පාලනය සඳහා රජයට සහාය ලබා දෙන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බව ඇය වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර ඇඳන් ඕනද.? ආයුර්වේද රෝහල් වලට ඉඩ දෙන්නකෝ.
එතකොට විපක්ෂයට බැනලා ඔයා කරන්නේ මොන දේශපාලනයද
ඔව් අනේ කොරෝනාව හොදකරන්න පුලුවන් ආයුර්වේද කට්ටිය දේශීය වෙදකම් කට්ටිය කොච්චර ඉන්නවද මේ රටේ එහෙම ඉන්දෙද්දී මේ අපරාදේවැක්සින් එකක් එනකම් සුද්දන්න්ට දත නියාව ගෙන ඉන්නේ මොනවත් එපා මරණ මංචකයේ හිටිය සව්ක්ය ඇමතිනියත් බේරුනේ අර එතුමිය දේශීය පැනිය බීපු හින්දත් අර මහාචාර්ය තුමත් එක්ක මුට්ටි ගගට දමපු නිසා නොව එහෙම නැතුව දොස්තර ආනන්ද විජේවික්‍රම කොරපු ඉටිගෙඩියක් නැහැ එයත් ඔය බොරුවට එන්නත විදගත්තට මම හිතන්නේ ෂුවර් එකටම පැනිය බීල ඇති නැත්නම් කොහෙද එතුමිය ඒ කට්ටියට ණයගැතියි ඒ හින්ද ඉක්මනට - ඉක්මනටම මේ ලෙඩ්ඩු ටික ආයුර්වේද කට්ටියට දෙන්න නැත්නම් මහා විනාශයක් වෙන්නේ
දැඩි සත්කාර ඒකකයක් කියන්නේ නිකම්ම නිකන් ඇඳක් විතරක් නොවේ. ඒ සඳහා විශේෂයෙන් පුහුණුව ලැබූ කාර්ය මණ්ඩල අවශ්‍යයි. විවිධ උපකරණ අවශ්‍යයි. ඇඳන් පමණක් තිබිලා වැඩක් වෙන්නේ නැහැ... මම දැක්ක පෞද්ගලික පාසලක් දීලා තියෙනවා... රෝහලක් වශයෙන් භාවිතා කරන්න. එහි තියෙන්නේ ළමයින් පාවිච්චි කළ තට්ටු දෙකේ ඇඳන්. ඒවායේ උඩඇඳේ ඉන්න ලෙඩාට ඔක්සිජන් දෙන්නේ කොහොමද? ඔක්සිජන් සිලින්ඩරය කරගහගෙන ඉන්න කෙනෙක් ගන්නවාද? නැත්නම් ඒකත් ලෙඩා එක්කම ඇඳේම තියනවද?