ශ්රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ඒ මහතා කීය.
මෙම පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පුද්ගලයින් බවත් මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කීය.
ඒ අනුව මේ වනවිට තහවුරු කරගෙන ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.
COMMENTS
කිව්වා නේද එකට දානකොට...? මේ මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න ඕනෑ කරපු වැඩේට...
කන්දකාඩු කට්ටිය වෙනවෙනම දැම්මා නම් හොඳයි නේද?
මේ ඔක්කොම කොරෝනා ලෙඩ්ඩු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දැනදැනම... හොඳ වෙච්ච ගමන් හිරේ දාන්න ඕනේ. කටුනායකදී බොරු රණ්ඩුවක් ඇද්දේ රට ඇතුළට කොරෝනා ගෙනියන්න වුවමනාවක් තියෙන හින්දා. වාහනවල ගියේ වීදුරු අරගෙන කොරෝනා බෝවෙන්නේ වාතය හරහා බව හොඳටම දැනගෙන... දැන් මේ ගොඩේ හිටපු අනිත් මිනිස්සුන්ටත් හැදෙන්න ඉඩ තියෙනවා. වහාම රට ඇතුළට මේ වගේ තව රෝගීන් එන එක නවත්තන්න ගුවන් තොටුපොළවල් වහන්න ඕනේ... කොරෝනා ගැන කතා කරන්න ඕනේ තැන කතා කරන්නේ ඡන්දෙ ගැන... තව පොළොන්නරුවේ හදිසි මරණයක් වෙලා තියෙනවා හුස්ම හිරවීමක්ලු... හරියට දන්නෙත් නැහැ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ජිනීවා ගිය සියලු පිරිස සහ ඔවුන් ඉන්ටරැක්ට් කල හැමෝවමත් දින 14ක් නිරෝධායනයකට ලක් කරන්න ඕනේ. ඒ ගොල්ලෝ ආපහු ආවේ පෙබරවාරි 29... දවස් 14ක් විෂබීජය ඇඟේ තිබිලා පවුලේ කෙනෙක්ට හැදුනේ මාර්තු 13... දින 14 තවදුරත් වලංගු නැහැ කියලා හිතන්න මේකම ඇති...
කන්දකටුවේ වගේ ඔක්කොම කට්ටිය එකට දමලා නිරෝධනය කරන්න බැහැ.. හොඳම වැඩේ දැනට සංචාරකයින් නොමැති සංචාරක හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්න එක... ඒ වගේ කාමර වෙනවෙනම තිබෙන නිසා රෝගීන් සියල්ලටම බෝවීමක් මෙහිදී නොසිදුවේ..
ඔය කියන 7 දෙනා නේද එයාර්පෝර්ට් එකේදී චණ්ඩි පාර්ට් දැම්මේ..? කමක් නැහැ... නූගත්කමට මොනවා කරන්නද..? මේ අයව හොඳකරලා ඊට පස්සේ නඩුඅහලා වැරදි කාරයින් වුණොත් අවුරුදු 10කට බරපතල වැඩ ඇතිව කූඩුවට දමන්න. නිදහස් වුණොත් ඉතාලියට බාරදෙන්න මේ අයට විරුද්ධව එහෙදී නඩු අහන්න.. චෝදනාව කොරෝනා තිබෙන බව දැනදැනත් ඉතාලියෙන් පැන යාම.. සාමාන්‍යයෙන් මේ චෝදනාවට ඉතාලියේ අවුරුදු 5ක් විතර සිරදඬුවම්... ඒ වුණාට සිරකුඩුවේ නොවෙයි. නගර සභාව ප්‍රදේශයේ වැසිකිළි සේදීම, රෙදි ඇපිල්ලිම, ලෙඩ්ඩු නැහැවීම වැනි දේවල්... වැඩකරලා ඉවරවුණාම හවසට කූඩුවට යනවා.
ඔය සමහරු ඒ රටේ වීසා නැතිව හිටිය ඈයෝ වෙන්න ඇති... බයට මෙහෙට පනින්න ඇතිනේ...!
බොරුවට නටන්න එපා. කොයි රටේද නිරෝධායනයට ලක්වන අය වෙනවෙනම දාලා තියෙන්නේ. ඔය දඟලපු අය දැනගෙන හිටියා උණ තිබුණා කියලා.. අඩුගානේ මාස්ක් එකක් දාන්නවත් වගකීමක් නැති අයනේ...
දාන සමහර කමෙන්ට්ස්වලට හිනා නොවී නම් බැහැ. එක එක්කෙනා වෙනවෙනම දාන්න තියා නිරොධායන මධ්‍යස්ථාන දාන එකටත් විරුද්ධවුණු මිනිස්සු ඉන්න එකම රට ලංකාව. වෙනම කාමරවල දාන්න නම් ගෙවල් වලින් කාමර ගන්න වෙයි. හෝටල් පවරාගන්න වියදමට අමතරව එම හෝටල්වල වැඩ කරන්න කීදෙනෙක් කැමති වෙයිද...?
මේ අය බොහෝමයක් දින 2-3 තුළ රෝග ලක්ෂණ පෙන්නපු අය... එ් අනුව ඉතාලියේ සිට රෝගය ගෙනා අය, හමුදාව who නිර්දේශ අනුව නිරොධායනය කරනු ලබනවා...
මේ සියලු දෙනා ඉතාලියෙන්ම ගෙනා දෑවැද්ද මේ... සමහරු කියනවා කන්දකාඩු දාපු නිසා හැදුණා කියලා... ඒක වැරැදියි. එතනට දාලා දවස් කීයද? මේ අය කෑගහපු විදයට ගෙවල්වලට ඇරියා නම් දැනට ලංකාවටම ව්‍යාප්ත වෙලා ඉවරයි...
වෙන් කරන්නේ නැතුව නිරෝධනය කරන්නේ කොහොමද? ඔක්කොම එකට දමලා තිබුණාම එක් කෙනෙකුට හැදිලා තිබුණොත් ඉන්න සියලුදෙනාටම හැදෙන්න පුළුවන් නේද? කරන්න පුළුවන් හොඳම දෙය ඔය දැනට වහලා දමලා තිබෙන සංචාරක හෝටල මේ නිරෝධන කටයුතු සඳහා පාවිච්චි කරන එක... ඒවගේ කාමර වෙනවෙනම තිබෙන නිසා ලෙඩේ බෝවීම අවම වන අතර, රට ඉඳලා එන මිනිස්සු ඒවාට යන්න එච්චර විරෝධයක් දක්වන එකක් නැහැ. නැතුව එක හෝල් එකක ඇඳන් 20-30 දමලා නිරෝධනය කරන්න ගියොත් කොරෝනා නොව වෙනත් ඊට වැඩිය භයානක බෝවෙන ලෙඩ රෝග අනිත් අයට බෝ වෙන්න පුළුවන්...
ඉතාලියේ ඉඳලා එන හැමෝම මෙහාට එන එක නවැත්තුවා නම් අපිට මේ ප්‍රශ්නේ ලෙඩ්ඩු සුළු ප්‍රමාණයකින් බේරගන්න තිබ්බා. ඉස්කෝල වහන්න, රැස්වීම නවත්තන්න මුකුත් ඕනේ නැහැ..