IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයෝ 8000ක් තවම නිවෙස්වල

(රංජන් කස්තුරි)

කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් ඉක්තු 31 වැනිදා වන විට රෝහල්ගතව සිටි බව ද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් 149ක් ඉකුත් 27 වැනි දින වන විට රෝහල්වල සිටි අතර දින හතරක් ඇතුළත එනම් ඉකුත් 31 වැනි දින වන විට එම රෝගීන් ගණන සියයට 120 කින් ඉහළ ගොස් රෝගීන් ගණන 330ක් බවට පත් වූ බව ද එම සංගමය කියයි.

මේ අනුව ඉදිරි දින කීපයේදී සෞඛ්‍ය කෂ්‍රෙත්‍රය දැඩි අර්බුදයකට ලක්වී කොරෝනා රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
 



අදහස් (8)

කොරෝනා ආසාදිතයෝ 8000ක් තවම නිවෙස්වල

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 01 June 2021 12:44 PM

බොහොම හොඳයි. පිටරැටියන් ගෙන්වා නිරෝධායනය කොට කිව්වේ කෝවිඩ් බෝවෙනවාද කියා අත්හදා බැලීම් කරනා බවයි. ඒත්, එයා අද ජනතාව අමාරුවේ දමා හොර රහසේම රටින් පැන ගිහින්. රටේ මිනිසුන්ට ක්‍රියාත්මක වෙන පොදු නීතිය හෝ ඔහුට ක්‍රියාත්මක වීමක් නැහැ. ඒ ගැන හොයා කරුණු ඔප්පුකොට නිසි ක්‍රියාමාර්ගයන් ගැනීමට කොන්ද පණ ඇති විරුද්ධ පක්ෂ දේශපාලකයන් අද රටේ නැහැ. ඒ අය සිතන්නේත්, කුමක් හෝ අල්ලාගෙන තමන් බලයට එන ක්‍රමයක් ගැන විතරයි. රටකට ගිය කල... අනේ ... !!! අසරණ මිනිස්සු දුකේ ...

:       2       25

Alfred Tuesday, 01 June 2021 12:58 PM

හැමදාම ඝෘණ දේවල් කතා නොකර එන අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් විය යුතුයි. මහ ජනතාවට මේවා අහලා තිත්ත වෙලා තියෙන්නේ...

:       11       3

බමුණු.Tuesday, 01 June 2021 02:00 PM

ලංකාවේද ඉන්නේ..? තියෙන තරමක් තියෙන්නේ ඍණ දේවල් නම්, ඒවා නොකියා කොහොමද? පාලකයින්ට එහෙයියන් නොවී දැන් හෝ ඇත්ත පෙන්වාදීම ඍණ අදහස් දැක්වීමක් වශයෙන් ඔබ හඳුන්වන්නේ කෙසේද? ඇත්ත පෙන්වා දෙනවාට විරුද්ධ නොවන්න. ඔබට ඇත්ත ඍණ දේවල් වුණාට, ජනතාවට එසේ නොවේ...

:       3       17

mihira Tuesday, 01 June 2021 01:56 PM

අපි තමයි හොඳටම කළේ... හොඳටම කෙරිල්ලේ තරම තමයි ඔය...

:       2       15

bandara Tuesday, 01 June 2021 02:54 PM

නිවෙස්වල 8,000 ක් ඉන්නවා කියන්නේ අති භයානකයි. ඒ අය නියාමනය වෙනවද? ඒ අයගෙන් පවුලේ යට බෝවීම වළක්වන්නේ කෙසේද? කළ නොහැක්කක් නොමැත... කියපු කට්ටිය මොකද මේ ලෙඩ්ඩු රෝහල් වලට ගන්නේ නැත්තේ?. සොඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දකින්න නැත්තේ ඇයි?. මේවගේ බලධාරියා එයා නේද?

:       2       10

Sri Lanka Tuesday, 01 June 2021 04:18 PM

කොරෝනා කියන්නේ කළින් තිබුණා. කැස්ස, උණ, හෙම්බිරිස්සාවට, නිව්මෝනියාවට ඔය ලෙඩවලට ගෙදර ඉඳලා තමයි එදත්, අදත් බෙහෙත් කළේ..., කොරෝනා කියලා නමක් දාගෙන මිනිස්සු කුදලන් ගිහිල්ලා ඉස්පිරිතාල වල දාලා බටහිර බෙහෙත් පොවනවා. අන්තිමට මැරුණාම කොරෝනා ලේබල් එක ගලවලා ආරක්ෂා වෙනවා. GMOA තමයි මේවට වගකියන්න ඕනෑ...

:       0       0

de silva Tuesday, 01 June 2021 05:10 PM

බලකායේ ප්‍රධානියා රටෙත් නැහැ. සාටක ගලවලා දමලා ඩෙනිමක් ගහගෙන ඇමෙරිකාවට පැනලා ගිහින්..

:       0       0

Akila Wednesday, 02 June 2021 03:14 AM

පුදුමයක් නෙමෙයි, කොරෝනා බෝවෙන කරමාන්තශාලා ඇරලා ඒවායේ සේවකයින් වැඩ.., හරියට මාස්ක් එකක්වත් දාන්නේ නැතිව සුලුවෙළෙන්දෝ ගෙයින්ගෙට ගිහින් කොරෝනා බෝකරනවා හතරවටේ..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site