
‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් ලෝක ජනගහනයෙන් අඩකට අධික පිරිසක් සිය නිවෙස්වලට කොටු වී සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වැසියෝ හන්ටින්ග්ටන් මුහුදු වෙරළට පැමිණි විනෝද වන අයුරු දක්නට ලැබිණි.
කොරෝනා වයිරසය හේතුවෙන් සියලු මහජන ඒකරාශී වීම් තහනම් කර තිබියදී මුහුදු වෙරළ ජනතාවට විවෘත කර ඇති එකම ප්‍රදේශය දකුණු කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රදේශය පමණි.
උණුසුම් ප්‍රවාහයක් පැමිණෙනු ඇතැයි කාලගුණ බලධාරීන් නිවේදනය කර ඇති බැවින් මේ සති අන්තයේදී මුහුදු වෙරළට දහස් ගණනක් පැමිණෙනු ඇතැයි ජීවිත ආරක්ෂිතයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
ජනතාව සෞඛ්‍යාරක්ෂිත පරතරය තබාගන්නේ නැද්ද යන බැලීමට ජීවිතාරක්ෂකයෝ මෙන්ම පොලිසිය ද මුර සංචාරයේ යෙදෙති.
ඡායාරූපය ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව දැනටමත් ලොකු විනාශයකට පත්වෙලා තිබෙනවා. තවමත් තේරුම් අරගෙන නැහැ කොහොමත් ඇමෙරිකානුවන් හිතන්නේ අපි ලෝකේ බලවත්ම ජාතිය කියලයි... මෙය සුළු දෙයක් හැටියට හිතාගෙන විනෝද වෙනවා නමුත් මියයන මිනිස් ජිවිත ගැන කණගාටුයි.
මේ පෙනෙන්නේ ට්‍රුම්ප්ට සහයෝගය දක්වන මුහුදුබඩ දිස්ත්‍රික්ක දෙකක වසන අයයි. සමහර විට මේ අය ට්‍රුම්ප් කිව්වා වගෙ ගෙදර පරිසිඳු කරන ද්‍රව එන්නත් කරගෙන රත්වෙන්න අව්වේ වේලෙනවා වෙන්න ඇති.
කුමට නැටුම් කෙළි කවට සිනා දා මරුට නොමැත කිසිවිටකදී බාදා ඔබට නොදන්වා මරු මෙහි ආදා යන්නට සිදුවන්නේ..., ඉන්නට බැරිවන්නේ .
යුරෝපයත් ටිකෙන් ටික සීමා ලිහිල් කරනවා. මෙතැන කොමන්ට් කරලා තියෙන ලංකාවේ අනුවණ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ හැමදාම රට වහගෙන මේකෙන් බේරෙන්න බෑ... පාලනයක් ඇතිව වෛරසය සමාජයේ පැතිරෙන්න දී සමූහ ප්‍රතිශක්තිය ඇතිකරගත යුතුයි.
විනෝද වෙලා මැරුනත් කමක් නැහැ කියලා හිතනවා ඇති. වාසනාවන්ත මිනිසුන්.
උද්දච්ච මෝඩයෝ...
තවමත් අපේ සිතිවල සහ හැසිරීමේ වෙනසක් දකින්න නැහැ. අනුන්ගේ දේවල් නැතිව අපි අපේ රට ජාතිය මේ ව්‍යසනයෙන් බේරාගැනීම ගැන ක්‍රියාකරන්න.
නාමල් මෝඩකම ඔබළග තියාගෙන අනික් අයට දොස්කියනවා... එහෙම නම් කියන්න මුලු ලෝකයටම එහෙම කරන්න කියලා මොනවද මෙ කතා..?
කොරෝනා නැතත් අපේ අයට මෙහෙම බීච්වල විනෝද වෙන්න අපේ පොලීසිය ඉඩ දෙන්නේ නැහැ.