
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය කුරුදුවත්ත පොලිස් වසමට අයත් කුරුදුවත්ත ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් අද (07) සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවසිය.
තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටින අවස්තාවේ අද අලුයම 3.45 ට පමණ පහල මහලින් ගින්න හටගෙන තුන්වන මහල දක්වාම පැතිර ගොස් තේ කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව පොලිසිය කියයි
ගින්න හටගත් අවස්තාවේ තේ කර්මාන්ත ශාලාව තුල කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරු පිරිසක් සේවය කරමින් සිට ඇති බවත්, ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
ගින්නෙන් තේ කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු නිමි තේ කොළ විනාශ වි ඇති බවත්, පැතිර ගිය ගින්න ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක්ව නිවා දැමීමට උත්සහ කළක් එය පාලනය කිරිමට නොහැකි වු නිසා මහනුවර මහ නගර සභාවේ ගිනි නිවිමේ භට පිරිස් කැදවා ගින්න පාලනය කිරිමට කටයුතු කර තිබේ.
ගින්න හටගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, ගින්නට හේතුවට සොයා ගැනිම සදහා රජයේ රස පරික්ෂකවරයාගේ සහය ලබා ගැනිමට කටයුතු කරන බවත්, ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසියේ නිලධාරින් සඳහන් කරයි.


2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුදුවත්තේ තේ කම්හලක් ගිනි ගනියි