වන්නි රොමේෂ් මධුෂංඛ
මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපතිතුමන් හට විශේෂ ලිපියක් යොමු කොට ඇත.
එම ලිපිය මගින් එල්ලාවල මේධානන්ද හිමියන් පෙන්වා දී ඇත්තේ කුරුන්දි විහාර භූමිය අවට ඉඩම් ජාතිවාදී අරගලවලට සහය දක්වන පුද්ගලයන් අතට පත්වුවහොත් ඉදිරි අනාගතයේ දී ප්‍රදේශයේ දැඩි අවදානම් තත්වයකට මුහුණපෑමට සිදුවනු ඇති බවටය.
කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරදීම සඳහා නියමයක් කර ඇති බවට මාධ්‍ය මගින් දැනගත් බවත් කුරුන්දි විහාරය අවට භූමියේ බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී ඇති නිසා මෙම ඉඩම් ආවාට ගියාට බෙදාදීම සුදුසු නැති බවත් ලිපියෙහි සඳහන් ය. එමෙන්ම බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදී අරගලවලට සහය දෙන උදවියට ඉඩම් ලබාදීම ද සුදුසු නැති බව ද මෙයින් බලාපොරොත්තූ වී ඇත්තේ බෞද්ධ නටබුන් අසල ජාතිවාදීන්ට ජනපද ඇතිකර දීමක් බවත් සඳහන්ය. දැනට ද රජයෙන් ඉඩම් දුන්නත් නොදුන්නත් බලයෙන් ඉඩම් අල්ලාගෙන ඇති බව පෙනෙන නිසා මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් අනාගතයේ දී එයින් මහා විනාශයක් සිදුවිය හැකි බවට අවදානමක් ඇති බව ද මේධානන්ද හිමියෝ සිය ලිපියෙන් අවධාරණය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවන් මේ උන්දැ කවදත් දෙමළුන්ට සපෝට් කරපු හාදයෙක්. මෙයාට තිබෙන්නේ සිංහල නමක් පමණයි. උපත්තියෙන් ක්‍රිස්තියානි කාරයෙකුගෙන් සිංහල ජාතියට බුද්දාගමට මෙහෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ජෙප්පොත් මේ බෝට්ටුවේම තමයි. සජියා දෙමල්ලු හම්බයෝ දෙගොල්ලොම එකතු කරගෙන ඉන්නේ. ආර්ථිකය කොහොම වෙතත් සිංහල ජාතිය බෞද්දා ගම රැක ගන්න සිටි එකම පුද්ගලයා මහින්ද මහතා. ඒ නිසා පන්සල් සතු ඉඩම් දෙමළුන්ගෙන් හම්බයින්ගෙන් බේරා ගන්න ඉදිරියට එන්න.
ඒ වගේද හාමුදුරුවනේ චන්ද ටික
ඉතිහාසය දන්නවා යයි කියන අයවත් දැනුවත් කරන්න අපෙ හාමුදුරුවනේ
හුග දවසක් මැඩමූලන්ස් පන්සලේ සැතපිලා හිටපු අපේ රට ජාතිය ආගම රකින අපේ උන්නාන්සෙලා සෙට් එක පැදුරෙන් නගිටලා වගෙයි. සාදු සාදු..
හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය ලියුමක් ඇරියට නම් සත පහකට ගණන් ගන්න එකක් නැහැ ඔය යක්කු. මට ඇහුන කියනවා මම ඇවිත් ගඩොල් ටිකත් ගලවලා දම්මන්නද කියලා ලොක්ක අහනවා. කෝ අර මල්වත්තේ කට්ටියයි අස්ගිරියේ කට්ටියයි නිදිද තාම? අන්තිම වෙනකම් ඉඳලා බොරුවට මොන මොනවා හරි ටිකක් කියලා ලියලා ඔබතුමාට ත්‍රිව්ධ රත්නයේ අසිර්වාදය ලැබේවා කියලා අන්තිමට ලොකු අකුරෙන් ලියන්නද දන්නේ නැහැ හිතන් ඉන්නේ.
රනිල් උන්නැහේ අරගලයට පිංදීගෙන ඇවිත් අන්තවාදී දෙමළ ඡන්ද බලාගෙන එක එක විකාර කරලා ගෙදර යයි. ඒවට වන්දි ගෙවන්න වෙන්නෙ අනාගත පරපුරට.මෙයා කවදත් කළේ ඔය වගේ වැඩ
ඔන්න එලියට බැහැල , මිනිසුන්ට කන්න නැහැ , බෙහෙත් නැහැ ,රස්සාවල් වැහිලා , දෙමවුපියන්ට ළමයින්ව ඉස්කෝලේ යවන්න සල්ලි නැහැ , එතකොට හිත උනුවෙන්නේ නැති ජාතිවාදී චිවරදරියෝ ටික දැන් නැගිටලා
අපි නම් හිතාගෙන උන්නෙ මේ වහන්සේ බෙන්ස් එකෙන් නිවන් ගියා කියල.තාම ඉන්නව කියල දැකගන්න ලැබීමත් සතුටක්.පහුගිය කාලය පුරාම රටේ ප්‍රශ්න තියෙද්දි එලියට බහින්නෙ නැතුව හැංගිල ඉඳල ආපහු ජාතිආගම් වාද අවුස්සන්න එලි බැහැල ඇවිත්..
දැන් එලියට ආවහම නරකද? ඉඩම් අල්ල ගත්ත අය ජාති වාදීයි කියන්න බයද? සද්ද නැතුව ඉන්න එකද කරන්න ඔින?
ජාතිවාදීන් කියලා මිනිස්සු වර්ග තකරන්නේ මොන පදනමෙන්ද ? ජාතිවාදා නොවන අය හොයා ගන්නේ කොහොද ද ? ඉඩම් බෙදන්න එහෙම මිනිස්සු වර්ග කළ හැකි ද?
මේ ජාතිවාදී චීවරධාරීන්ට දැන් ජනතාව රවට්ටන්න බැහැ . මුන්නැහැලා දන්නේ ජනතාව අවුස්සන්න වොයිස් කට් එකක් දෙන්න විතරයි . ඉඩම් ජනතාව අතර බෙදා දෙන්නේ නැතිනම් ඒවා පුරාවිද්‍යා හෝ වන සoරක්ෂන දෙපාර්තමේන්තු යටතේ තබා ගන්නවා විනා මොනයම් හේතුවක් මත හෝ පන්සලට පැවරීම නොකල යුතුය . පන්සල් වල ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සිටින්නේ 10% කටත් අඩු පිරිසකි. ඉතිරි 90%ක් වූ චීවරධාරීන් පරිසරයට හෝ පුරාවිද්‍යාවට ඇලුම් නොකරති . එක්කෝ ඔවුන් පන්සලට අයිති ඉඩම් පිටට බදු දී කීයක් හරි හොයා ගනිති. නැතිනම් පරිසරය හා පුරාවස්තු විනාශ කරමින් කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකරයි. (ඒවාට ආධාර එකතුකරන ගමන් කොටසක් තමන්ගේ එකවුන්ට් එකට දා ගනියි ) උදාහරණයක් ලෙස නෙල්ලිගල බලන්න . මොනතරම් පරිසර විනාශයක් කරලා තියෙනවද කියලා . මාගේ යෝජනාවනම් රටේ සියලුම පන්සල් සතු ඉඩම් කිසියම් අධිකාරියක් යටතට පත්කර ඉන් ලැබෙන ආදායම බෞද්ධ සිද්ධස්ථාන නඩත්තුව සහ බෞද්ධ ජනතාවගේ යහපත පිනිස යෙදවිය යුතුය .
මේ කියන්නේ පිළිලයක්... සහමුලින්ම පුච්චලා දාන්න ඕනේ...?