
(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටනෙන් ඉවත් විය.
මේ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරන්නේ තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ හා සමගි ජන බලවේගය අතර අත්සන් කෙරුණු ගිවිසුම කඩවීම පදනම් කරගෙන තමා අපේක්ෂක ධූරයෙන් ඉවත්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතානෝ හත්පොලේම ගාගෙන ඉතිහාසගත පරාජයකට පත්වෙන බව පෙනේ...!
යන්තම් හරි සිහි බුද්ධියක් තියෙන මනුස්සයෙක්ට තේරෙනවා සජිත් ප්‍රේමදාස කියන්නේ මෝඩ, උද්දච්ච කෙනෙක් කියලා.
පාඨලී කියන්නෙත් මේ මජර දේශපාලනයේම එක චරිතයක් විතරක් බව තවම තේරුනේ නැද්ද?
සජ්ජා ලත්තැනම ලොප් වෙන්න වගේ යන්නේ... ප්‍රේමදාසගේ පුතා කියලා ඇරෙන්න නායකයෙකුට තිබිය යුතු කිසිම ලක්ෂණයක් සජ්ජාටත් නැහැ.
මේ සෙට් එක දැන් හෙන ගහලා වගේ ඉන්නේ. පුදුම සතුටක් තියෙන්නේ. ලංකාවේ මිනිසුන්ව අන්දලා මොවුන්ගේ දේශපාලනය කිරීමට ගෙවන්න ඕන පව සෑහෙන කාලයක් මෙහෙම වෙලා කුජිත වෙලාම යන්න ඕනෑ...!
බලවතෙක් වෙන්න වාසනාව නැති එවුන් ඉක්මනින් රජවෙන්න මෝඩයෙක් පස්සේ ගිහිල්ලා අතරමං වෙලා කියලා හොඳින්ම පැහැදිලියි. එතරම්ම උද්දච්ඡකම තියෙන කෙනෙක් පස්සේ ගිය නුඹලාට අරගලය අවසන් වුනේ කොහොමද? ඉන් පස්සෙ වුනේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිනම් නුඹලා දේශපාලනයට සුදුසු නැහැ.. ඇත්තටම ජනාධිපතිවරණයට පෙර මෝඩ පුතානෝ අතැර රනිල්ට කට්ටියම එකතුවෙලා මැතිවරණ කටයුතු කළා නම් කියලා හිතන්නේ නැද්ද දැන් නම් කාලෙකට ඔහේලාට ජයක් ලබන්න හිතන්නවත් බැරිවේවි.. මොකද මිනිස්සු රැල්ලට ගසාගෙන යනවා මිස හැකියාව හා පලපුරුද්දක් නැති හරියට පාසලේදී දරුවන්ට ඉගැන්වීම නොකළ ගුරු සේවයේ සිටි අයට පාර්ලිමේන්තුවේ දොරවල් විවෘත කරාවි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වෙලා ඉන්න මුල් පත්වීම් අරගෙන පාසල් ගොස් පළමු මාසයේම වර්ජන කරවා සේවයෙන් පහකල කෙනෙක් ඇතුළු හිටපු ගුරුවරු පිරිසක් කියලා අහන්න ලැබුණා...
සජිත් පැරණි මෝස්තරයේ දේශපාලන උපක්‍රම තමයි ගෙනගියෙ, විරුද්ධ පක්ෂ වලින් ආපු අය එක්කර ගැනීම, බෝඩ්ලෑලි පක්ෂ සමග ප්‍රචාරාත්මක සන්ධාන. ගැසීම, රටේ සෑම දෙනාම හොඳ හෝ නරක හෝ කෝනවලින් බලන 88/89 දේශපාලන කතා පුනපුනා ප්‍රකාශ කිරීම, ඒ සඳහා කතිකයන් විශාල ප්‍රමාණයක් සහ කාලයක් යෙදවීම. සජිත් යන යන තැන භූ සාධක බලා මොනවාහරි දෙඩවීම විනා රටට ගැලපෙන කතා නොකිරීම. බැලූ බැල්මට පේන මෝඩ කවට කතා කීම. , රනිල් සහ එන් පී පිය අතර නොදන්නා ඩීලයක් ගැන දිගි දිගටම කතා කිරීම. එම පක්ෂ දෙක වෙන වෙනම ජයග්‍රහණය සඳහා තරඟ කරන විට එම දෙක ඩීලයක් දැමීමේ හැකියාවක් තිබේදැයි තේරුම් ගැනීමට පවා බුද්ධියක් නොමැතිකම. කිසිම ආකර්ෂණය පෙනීමක් නැති නව තාවයක් නොදකින මහලේකම් කෙනෙකු පත්කර ඔහු අගමැති යැයි හැඟවීම. මෙම පක්ෂයේ ඉදිරිපෙලට හර්ෂ වැනි බුද්ධිමත් අයෙකු පත්කර නොගතහොත් පක්ෂයට අනාගතයක් නැත.
ශ්‍රි ලංකාවේ නැවත ප්‍රේමදාස යුගයක් බිහි නොවේවායි පතමි. මොවුන්ට මුදල් යොදවන්නන් ගැන පරීක්ෂා කිරිමටත් කටයුතු කල යුතුයි.
ටික ටික හරි මොලේ පෑදෙන එක සතුටක්, කාගේ වුණත්.