
(චාන්දනී දිසානායක)
වන අලියන් තිදෙනකු කැලෑව මඟහැරී අතරමං ව අද (31) කුරුණෑගල නගරයට යාබද උයන්දන ප්‍රදේශයට පැමිණ පුද්ගලයන් දෙදෙනකුට පහරදී ඇතැයි පොලිසිය කියයි .
වන අලි තර්ජන නොමැති ප්‍රදේශයක් වන උයන්දන කෝවාන ගමට අද පාන්දර ඇතුළු වූ වන අලියන් තිදෙනා ළිඳක් ළඟ දිය නාමින් සිටි කාන්තාවක (45) ඇය තල්ලු කර දමා ඇත. මිනිසුන් කලබල වී අලි පසුපස යෑමෙන් තවත් පුද්ගලයකුට පහර දී ඇති බවට තොරතුරු වාර්තා වේ .
පහර කෑමට ලක් වූ දෙදෙනාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ ,
ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කළේ , උයන්දන කෝවාන ප්‍රදේශයේ පුද්ගලයන්ට වන අලියන් පිළිබඳව අත්දැකීමක් නැති හෙයින් , ඔවුන් එළවීමට හෝ කලබල කිරීමට තැත් නොකර ආරක්ෂිතව සිටීම ට පණිවිඩ යවා ඇති බවත් , මේ වනවිට මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ වනජීවී නිලධාරීන්ටත් , දොරටියාව පොලිසියට සහ යුද හමුදාවේ නිලධාරීන්ටත් දැනුවත් කර ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd