(යොහාන් භාසුර)
රේගුවේ රදවාගෙන තිබූ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ඊයේ (4) පස්වරුවේ නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතා අද (5) ‘ලංකාදීප’යට පැවසීය.
සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ආනයනය කළ ආනයනකරු රේගුවට නිකුත් කර තිබූ ලිපි ලේඛණවල අඩුවක් හේතුවෙන් එම අමතර කොටස් රඳවාගෙන තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා එම අඩුව සම්පූර්ණ කිරීමෙන් පසුව ඒවා නිදහස් කළ බව ද සඳහන් කළේය.
සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් රඳවා ගැනීමට සිදුව ඇත්තේ රේගුවේ වරදකින් නොවන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතා වැඩි දුරටත් කීය.
එම සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් නිදහස් නොකිරීම හේතුවෙන් එම රෝහලේ ස්කෑන් පරීක්‍ෂණ මාස 4 ක පමණ කාලය සිට අත්හිටුවීමට සිදුවී තිබූ බව ජනමාධ්‍යවල වාර්තා පළවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගම මෙම යන්ත්‍රය සපයන්න ප්‍රමාද වෙන්නේ කිමද කියල රෝහල් බලධාරීන් මස 4 යනතුරා සොයා බැලුවේ නැද්ද ?
රේගු හොරුත් ට්‍රයි කරන්න ඇති කීයක් හරි කඩාගන්න...
රේගුවේ වරදක් නොවෙයි ගෙන්වපු මිනිහාගේ වරද .කල් ඇතුව දෙන්න ඕන දේවල් දුන්නා නම් බඩු ආපු ගමන් එළියේ නේ ?