හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(22) දැනුම් දුන්නේය.
කොටි සංවිධානයේ නායකයකු ලෙස කටයුතු කළ සමයේදී ඔහු විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 2000-3000ක් අතර පිරිසක් කිලිනොච්චියේදී ඝාතනය කළ බවට ඒ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නියෝගේ ගැනත් හිතාගත්තැහැකි.. පරීක්ෂණයෙන් වෙන්නේ මොකක්ද කියලත් හිතාගත්තැහැකි...
මොන පරීක්ෂණයක්ද මේක..? මේ රටේ පරීක්ෂණ කියන්නේ කල්මැරීමක්... අත්අඩංගුවට අරන්, අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් දියයුතුයි. දැනටමත් ඔප්පු කරලා අවසන්... පරීක්ෂණ කියලා ගියොත්, මේකත් අර විජයකලාගේ නඩු වගේ තමයි...
2000ක් මරපු මහත්වරු ඉන්නේ ලංකාවේ විතරයි. අනික් එක මේ පරීක්ෂණ, කතා විතරයි. ජාතික ලැයිස්තුවෙන් ගන්න හදපු කෙනෙක්නේ මේ... පරීක්ෂණ කතා ඡන්ද සංදර්ශන විතරයි. කිසි දෙයක් වෙන්නේ නෑ..
පරීක්ෂණ කරාම ඔහු නිවැරදිකරු වෙනවා ඕකයි ඉතින් ඇත්ත.
කරුණා ප්‍රභාකරන්ව පාවලා නොදුන්නා නම්....
වැඩිදුර ප්‍රශ්නකිරීම්, කාලය කා දීර්ඝ ප්‍රකාශ සටහන් කර ගැනීම් ආදිය කර කර සිටීමට අවශ්‍ය නැහැ. ඔහුගේම, ඔහු විසින්ම ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය හොඳටෝම ඇති ... වහාම අත්අඩංගුවට ගන්න. ඉක්මනින්ම අදාළ සාක්ෂිද සමගින් අධිකරණයට ඉදිරිපත් කරන්න. රණවිරු ජීවිත 2000 ක් 3000 ක් කියන්නේ සුළුපටු දෙයක්ද .... එහෙම නේද ? මෙන්න මේ වගේ වෙලාවට තමයි කියන්නේ, කට බොරු කිව්වොත් දිව බොරු කියන්නේ නැහැ.. කියලා.
මෙම පරීක්ෂණය ඉක්මනින් කළ යුතුය.
කරුණා අම්මාන් කට තියාගෙන ඉන්න බැහැ නේද? ඔය සිංහලයාගේ හැටි. ඒ හින්දා කට පරිස්සම්.
මොන පරීක්ෂණ ද? සැකකරුම කියනවනම් මම මේ අය ඝාතනය කළා කියා ඔහු වහාම වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකියි. මොකද මේ පොලිසියේ උදාසීනත්වය?
පවතින රජයකට විරුද්ධව පරීක්ෂණයක් කවදාවත් පැවතුණේ නැහැ. තිබ්බා නම් ඒ බැඳුම්කරය ගැන විතරයි. ඒකෙනුත් ඵලක් වුණේ නැහැ.
ඕක ඉතින් කවුරුත් දන්න, නොදන්න රහසක්නේ... හැබැයි ඉතින් යුද්ධය අවසාන කාලයේදී මොහුත් අපාට උදව් කළා කියලා කාටත් අමතක ඇති නේද?
කරුණා අම්මාන්ට හොර පාස් පෝට් හදලා දිලා UK වලට එව්වෙත් මහින්ද මහත්තයා නේද?
මොන පරීක්ෂණද? කරුණාට සම්බන්ධ සියල්ල තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න...