IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කිරට හඬන නිවුන්නු

(කාංචන කුමාර ආරියදාස)

මාස එක හමාරක් වයසැති තම නිවුන් දරුවන්ගේ කුසගින්න නිවන්න කිරි පිටි පැක්ටුවක් ගැනීමට නොහැකිව දැඩි සේ දුකට පත්ව සිටින අඹුසැමි යුවළක් රත්තොට පල්ලේ තැන්නෙන් අපට හමුවිය.

ජී. ජී. තුෂාරි ශාලිකා (31) මහත්මියට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට තම කුඩා නිවසේ දරුවන් දෙදෙනා තබා ගැනීමටවත් පහසුකම් නොමැත. එම නිසා දරුවන් ටිකක් ලොකු වන තුරු ඥාති නිවෙසක රඳවාගෙන සිටින බව ඔවුහු පවසති.

නිවුන් දරුවන් ලෙස තම කැදැල්ලට එක්වූ දෙවැනි දරු උපත නිසා මෙම කැදැල්ලේ දරුවන් තිදෙනෙකි.

වැඩිමල් දියණිය ද හෘද රෝගයකින් පෙළෙන නිසා කුලී වැඩ කරන පියා මුදල් උපයා ගැනීමට අසීරුතාවයකට පත්ව සිටින බව කියයි .

මවට ප්‍රමාණවත් කිරි නොමැති වීම නිසා මෙම දරුවන් දෙදෙනාට ලැක්ටෝජන් 1 ළමා කිරිපිටි වර්ගය ලබා දෙන ලෙස වෛද්‍යවරුන් දැනුම් දී තිබේ.

මාසයකට කිරිපිටි පැකට් 15ක් ඔවුන්ට අවශ්‍ය බව මව්පියෝ පවසති.

එම කිරිපිටි පැකට්ටුවක  මිල මේ අඹුසැමියන්ගේ ආර්ථිකයට කොහෙත්ම ඔරොත්තු නෙදෙයි.

තම මවගෙන් පියාගෙන් මුදලක් ඉල්ලාගෙන කිරිපිටි ගෙනැවිත් දෙන බවත් ඇතැම් අවස්ථාවන්හිදී වෙළෙඳසල්වලට ණය වී කිරි පිටි පැකට් එකක් රැගෙන විත් තම නිවුන් දරු පැටු දෙදෙනාට ලබාදෙන බවත් මව කියයි.

මෙම දරුවන් ජීවත් කරවීම සඳහා  ලැක්ටෝජන් එක වර්ගයේ කිරිපිටි පැකට්ටුවක් දරුවන්ට අවශ්‍ය උපකරණ ටිකක් ලබා දීමට හැකියාවක් ඇත්නම් ඔවුන්ගේ ලිපිනය ජි .ජි ,තුෂාරි ශාලිකා නොම්මර 6 පල්ලේතැන්න ,රත්තොට, දුරකථන අංකය 0777 367322 ඇයගේ නමින් මහජන බැංකුවේ මාතලේ රත්තොට ශාඛාවේ  ඇති ගිණුම් අංකය 128 200 12 00 58326 යොමු කරන මෙන් ඉල්ලා සිටියි.



අදහස් (5)

කිරට හඬන නිවුන්නු

sisira Monday, 14 August 2023 11:07 PM

කසාදයක් කරගෙන හිටියට රැකියාවක් නෑ... ඉන්න තැනක් නෑ, දරුවන් හදාගන්නවා, දරුවන්ට කිරිපිටි ගැනීමට පවා හැකියාවක් නෑ, හැමෝටම ණයවෙනවා. කුඩා කිරි දරුවන් පවා ණය කරවනවා. එමනිසා තරුණ පරපුර කසාද කරගැනීමට පෙර දරුවන් හදා ඔවුන්ව ණයකාරයින් කිරීමට පෙර නිසි තාක්ෂණික හෝ පුහුණුවක් ලබාගැනීම සහ ඉන්පසු රැකියාවක් කර පුරවැසියකු වශයෙන් ණයකාරයකු නොවී ජීවත්වීම වටිනේය සහ වැදගත් වේ...

:       2       0

Lalla Tuesday, 15 August 2023 06:48 AM

පුංචි පවුල රත්තරං කියලා කරපු ප්‍රචාරය නවත්තපු එක වැරැදියි කියලා තේරෙනවා නොවේද? ලංකාවේ ප්‍රධානතම ප්‍රශ්නය අධික ජනගහනය. පවුල කුඩාවීම හැම දේටම හොඳයි.

:       4       1

thushara Tuesday, 15 August 2023 09:17 AM

මිනිස්සු තමන්ගේ ආර්තික මට්ටමට ගැලපෙන විදිහට පවුල සැලසුම් කරගන්න ඕනේ නේද? නැත්නම් දරුවනුත් දුක් විඳිනවා, දෙමව්පියෝත් දුක් විඳිනවා...

:       1       1

pakeer Tuesday, 15 August 2023 09:19 AM

මිනිහෙක් ඉඳලත් මේක කරගන්න බැරුව, මිනිස්සු දාලා ගිය නිවුන්නු දෙන්නයි,... තව ළමයෙකුයිඉන්න කෙනෙක් කොහොම කරගන්න ඇතිද? මම අත්දැකීමෙන් කතා කරන්නේ...

:       0       1

Anuradha Tuesday, 15 August 2023 10:53 AM

මම මට හැක පමණින් දයක වුනා. මටත් මය වස්සේම දරුවෙක් ඉන්නවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site