(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.
මේ රටේ අමාත්‍යවරයෙකුට තර්ජනය කිරීමට තරම් මෙම හොරු රැල බලවත් බවත් ජනාධිපතිවරයා අයිපීඑල් තරගය නරඹමින් සිටියදී ඔහුගේ පිටුපස සිටියේ ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා ගේ ආරක්ෂකයාවූ පාතාල කරුවකු බවත් ඔහු සඳහන් කළේය.
එම පාතාලකරු ඒ ස්ථානයේ සිටිනු දැක තමා බියට පත්වූ බවද රොෂාන් රණසිංහ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අදහස නිවැරදියි කියලා හිතෙනවා...
ඔය කල්ලිය අපි හිතනවට වැඩිය බලවත් , ඔකේ ශම්මි යනු පොඩි චරිතයක් , ඕක මෙහෙයවන්නේ ලංකාවේ ලොකුම සුදු මුදලාලි , හැමෝම යුරෝපිය ඇදුම් ඇදන් , ඉංග්‍රීසි කතා කරමින් මහත්වරු ලෙස වැජඹුණාට පාතාලෙත් එක්ක විශාල සම්බන්ධකම් තිබෙනවා. ඔය සම්බන්ධකම් අවුරුදු 20-30 වැඩිය පැරණියි, දැනට අවුරුදු 20කට පමණ පෙර ලංකාවේ පාතාලේ අංක 1 මිනීමරුවන් එංගලන්තේ වර්ල්ඩ් කප් එක බලන්න හොර පාස්පෝර්ට් හදාගෙන එක්ක ගියා. මේවා ගැන එම දිනවල ලසන්ත වික්‍රමතුංග ප්‍රසිද්ධ මාධ්‍යවල ලස්සනට විස්තර කර ඇත. මෙම මාෆියාව පරදන්න අපි පක්ෂ පාට පැත්තක තබලා පාරට බැහැලා සටන් කරන්න ඕනේ...
හරි වචනය ජනපතිගෙන් ක්‍රිකට් බේරාගමු...!
සාගල...!
තවත් අලුත් නාටකයක්... රොෂාන්, ශම්මි ප්‍රධාන චරිත රඟපායි... ස්ක්‍රිප්ට් එක පොහොට්ටුවෙන්...
ජනාධිපති මොකුත් නොදන්නා කෙනෙක්ද? හොරු බේරාගන්න හොඳ මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ...!
ඔබ වටකර සිටින කිහිප දෙනෙකුගේ මතයට නව කමිටුව පත් නොකරන්න. දේශපාලනයෙන් ඇට්ටර වූ අයට වඩා සුදුස්සන් සිටිය හැක. වෙනත් සුදුසු අය සිටීදැයි විමසීම ද ඔබගේ යුතුකමක්...!
මේ සිදුවීම් නිරීක්ෂණය කරනකොට මට විශාල සැකයක් තිබෙනවා.. තරඟ ඉන්දියාවට විකුණන්නේ ජනාධිපතිගේ අනුදැනුම ඇතුවද කියලා, නැතිනම් සංගමේ හොරකම් පිළිබඳව මෙපමණ සාක්ෂි තිබිලත් ජනපති මෙහෙම කටයුතු කරන්නේ කුමන හේතුවකටද?
"...දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය..." රටක සිදුවිය හැකි විශාලම හොරකමක් තමයි මහා බැංකුව කොල්ලකෑම. ඒ කොල්ලයේ මහා මොලකරු වන රනිල් වික්‍රමසිංහට ලංවීමට , ඔය පොඩි පොඩි හොරකම් කරන ඔවුන්ට කොහෙත්ම බැහැ. පාතාලයෝ... මේ මොන කතාද? පාතාලයේ මහා අප්පොච්චි දන්නේ නැතිද පාතාලයින් ගැන. ගෝනවල සුනිල්, සොත්ති උපාලි වගේ අය... රනිල්ගේ ගජ මිතුරෝ..
සමන්ත, හරි වචනය "පිං ජනපතිගෙන් ක්‍රිකට් බේරාගනිමු...!"
ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ඉන්න "දියසෙන් කුමාරයා" අර්ජුන රණතුංග කියලද මේ අය හිතාගෙන ඉන්නේ..? සෑම ශේත්‍රයකම හොර තක්කඩි වංචනිකයෝ ඉන්න රටේ ක්‍රිකට් බෝඩ් එකේ පමණක් උපාසකයෝ ඉන්න විදිහක් නැහැනේ... ගැටළුව තියෙන්නේ, ලංකාවේ තියන සියලුම ආයතන හා මණ්ඩල ඒවා පාලනය කරන්නන් විසින් ඔවුන්ගේ බූදලයක් කරගෙන හිතුමතේ ගසා කෑමයි.. කෝ මේ රටේ නීතිය...? ඇයි ලංකාවේ නීති ක්‍රියාත්මක නොවෙන්නේ...? ඉගුරු දීලා මිරිස් ගන්න ජාන තියන ශ්‍රී ලාංකිකයින් දැන් මේ දඟලන්නේ, ක්‍රීඩා ඇමැතිට රිසි පරිදි ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති පත් කිරීමටයි... එතකොට, ඒක දේශපාලන පත්වීමක් නොවෙයි කියලාද හිතන්නේ...? එවිට, දේශපාලනය ක්‍රිකට් බෝඩ් එක ඇතුළටම රිංගාගෙන මේ යහමින් මුදල් ගැවසෙන ඉල්ලම හොරාකන එක නවත්වන්න පුළුවන් කාටද..? තරගයෙන් තරගයට ක්‍රීඩකයින් මාරු කරලා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේත්, යටින් ඉඳගෙන අද මේ ඇතුලට රිංගන්න දඟලන උදවියම තමයි... කතා කරද්දී නම් ඔක්කොම බබාලා...
ක්‍රිකට්වලට විතරක් නෙවෙයි රටටම හෙන ගහන්න පටන් ගත්තේ 2015න් පස්සේ. යහපත් ආර්ථික වර්ධනයකුත් තියාගෙන..., ණය ප්‍රමාණයත් සියයට 105 සිට 70 දක්වා අඩු කරගෙන, යටිතල පහසුකම් දියුණු කරගෙන, ක්‍රීඩාවත් හොඳින් කරගෙන ගිය කාලේ විනාශ වුනේ අපේ මිනිස්සු ඉරිසියාව, වෛරය, ක්‍රෝධය මුල් කර ගත්තු තක්කඩි පිරිසකට අහුවුණු නිසා. ඡන්දෙ දීලා පත්කර ගත්තු නල්ල මලෝ ජෝඩුවක්. අන්තිමට බෝම්බ පාරවලුත් කාගෙන ඒ නාට්ටිය ඉවර වුනේ... ඉතිහාසේ කවදාවත් නැති තරමට ණය වුනේ ඒ කාලේ. කරපු වැඩකුත් නැති වුණාට තිබුණු දේවල් විකුණුවා. හම්බන්තොට වරාය වගේ රත්තරන් බිජු දාන කිකිළියක් වගේ වගක් නැතුව දීලා දැම්මා. බින්දුවට තිබුණු ආර්ථිකේ කෝවිඩ් නිසා ඉවරෙටම ඉවර වුණා. ආයෙත් පරණ බේගලයෝ ටික ජූලී චන්ග් නෝනා, බුරියානි කල්ලිය වගේ නූල් සූත්තර කාරයින්ට ඕනෑ විදිහට නටන්න ගත්තා. ආර්ථික අවපාතය නිසා මිනිසුන්ටත් මොකක්ද වුනේ කියන දේ ගැන විචාරාත්මකව හිතන්න හැකියාවක් තිබුනේ නෑ. රැල්ලට ගියා. අපනයනය වැඩි කරලා රට නිවැරැදි මාවතට ගන්න හදපු මිනිහාව ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් ඉවත් කළා. IMF යන්න කියලා බලකළ නොමේරු අඳ බාල "රෝං ජෙනරේශන්" හැතිකරේ අද ගලේ පැහැරූ බළල්ලු වෙලා ඉන්නවා.
ඡන්දෙත් ළඟයි නේද?
තවත් ඩ්‍රාමා එකක් වගේ පේන්නේ... ඔක්කොම කාලේ කන්න හොඳයි...
ඔක්කොම එකයි...!
මැක්ස් දැන් ඉන්න පින් ජනපති රාජපක්ෂ හොරුත් එක්ක දශක කිහිපයක සිට යටින් ඩීල් දමන බව 2015 දී මිනිස්සු දැනගෙන හිටියේ නැහැ...
ඔයිට වඩා හොඳයි හොරුන්ගෙන් හොරු බේරාගැනීමයි කියලා දැම්මා නම්...!
නියම කෙනා බාරගන්න. පුළුවන් නම් ඔක්කොම එකතුවෙලා එයාගේ බෙල්ලට තොණ්ඩුව දාන්න.
අනේ ඔව් රැකගන්නම වටින තොත්ත බබා. නිකම් ලජ්ජා නැති කතා කියන්න එපා. ජනතා මනාපෙට පයින්ම ගහලා මහා ලොකුවට පත්කරගෙන දැන් මිනිහා තමුන්ලාව සත පහකට මායිම් නොකර එයාට ඕනෑ විදියට දක්කාගෙන යනකොට අර කලුහාමි කතාවේ අශ්වයත් පන්නගෙන යන හොරාට ගමරාල කියපු කතාවම නේද මෙයා මේ කියන්නේ?
ජනපතිගෙන් රට බේරාගමු....
මේ හැම වැඩක් කරන්නේ පොහොට්ටුවේ කපුටු බලු රැල...!
ලෝකේ ලොකුම ලොකු දූෂිතයෝ ආවත් අපේ අයට ළංවෙන්න බෑ...!
ජාතිවාදය බැරි නිසා මේපාර, ක්‍රිකට් හදන්න කියලා ඡන්දෙට යමු...!
ක්‍රිකට් හොරුන්ට වඩා දරුනු හොර නඩයකට ජනපති අහුවෙලා ඉවරයි. උන්ගෙන් කිසිම ගැලවීමක් නැහැ.
බැංකු හොරා දන්නව ඔක්කොම ට්‍රික්ස්
මැක්ස්, ඔයා තවම පොහොට්ටුවට රෙදි නැතුව කඩේ යනවැයි?
’’ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේරා ගනිමු’’ - අද ක්‍රීඩා ඇමති “බැංකු හොරුන්ගෙන් අගමැති බේරා ගමු“ - එදා හිටපු මුදල් ඇමති