IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ක්‍රිකට් සභාපති ඇමැතිට කළ තර්ජනයක් ගැන විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන්  විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (22) කරුණු වාර්තා කළේය.

එසේම, මෙයට සමගාමීව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දුරකතනය ඔස්සේ කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අංක 10, සිරිසගබෝ පෙදෙස, බැදිවැව, පොළොන්නරුව ලිපිනැති ක්‍රීඩා අමාත්‍ය රණසිංහ ආරච්චිගේ රෝෂාන් රණසිංහ මහතා විසිනි.

ඒ අනුව, ඉකුත් 11 වැනිදා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට අදාළව සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට ලබා මාධ්‍ය ආයතන කිහිපයකින් ලබාගනිමින් මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එසේම, ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශකවරයා කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවිම සදහා අදාළ දුරකතන සමාගම්වලින් වාර්තා කැදවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

 



අදහස් (4)

ක්‍රිකට් සභාපති ඇමැතිට කළ තර්ජනයක් ගැන විමර්ශනයක්

Bamunuarachchi Wednesday, 22 November 2023 11:40 PM

ඇමතිතුමා ප්‍රශ්නය නාඳුනන කෙනෙකුට බාර දෙන්න...

:       0       0

Bamunuarachchi Wednesday, 22 November 2023 11:41 PM

ඇමැතිතුමා මටත් එයාව පෙන්නන්න බැහැ...

:       0       0

ජනත් කුමාර උඩුවිදාන Thursday, 23 November 2023 10:24 AM

ශම්මි කියන ගනන් කාරයා මට්ටු කල යුතුය ජාතිය පාවාදුන්නු ..............

:       0       7

Aravinda Monarawila Thursday, 23 November 2023 11:05 AM

සුදත් චන්ඩ්‍රසේකර, සාගල රත්නායක වගෙ අය මෙ ප්‍රශ්නයට අතදාලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ උවමනාවට බව ඉතා පැහැදිලි කරුනක්, එහෙම තියෙද්දි රනිල් පර්ලිමෙන්තුවට ඇවිල්ල පොඩි බබාවගෙ කතා කරන්නෙ කාව රවටන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙ ප්‍රස්ස්නය මෙතරම් දුරදිග යන්න හේතුවත් මෙ කල්ලියෙ සහාය ශම්මිට තියෙන එකයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site