(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතුවුණා වගේ රටට බලපාන ජාතික ප්‍රශ්න වලදීත් පාර්ලිමේන්තුවම එකතු වී කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
ක්‍රිකට් බෝඩ් එක විසුරුවා හැරීම ගැන කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. කැබිනට් අනුකමිටුවක් පත් කළේ ක්‍රීඩා ඇමතිතුමාගේ අඩු පාඩු හොයන්න නෙමෙයි. ඒ අනු කමිටුව පත් කළේ මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන් පුළුවන්ද කියල හොයන්නයි. දැන් අපි මේ යෝජනාවට විරුද්ධ වුණා කියල වැරදි මතයක් හදන්න හදනවා.
මේ යෝජනාව ගෙනාවට විපක්ෂනායකතුමාට ස්තූතිවන්ත වෙනවා . අපි පක්ෂ නායක රැස්වීමේදී කාටත් එකඟ වෙන්න පුළුවන් විදියට මේ යෝජනාව ගෙනාවා. දැන් අපිට කරන්න දෙයක් නෑ. බෝඩ් එක ඉල්ලා අස්වෙන්නෙත් නෑ. අපිට ඉවත් කරන්නත් බැහැ. ඒ නිසා මේ පනත වෙනස් කරන්න ඕන කියල යෝජනාව ගෙනාවේ ජනාධිපතිතුමා.
ජනාධිපතිතුමා හා එතුමාගේ නිලධාරීන් මේකට විරුද්ධයි කියල කිව්වා. එහෙම විරුද්ධනම් මොකටද ජනාධිපතිතුමා මේ යෝජනාව ගේන්නේ. ඔය දේශපාන බලවේලයේ කුහකත්වය හැම තිස්සෙම පෙන්වනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් ගන්නවා වගේ ජාතික වැඩපිළිවෙළ වල් වලදී නේ.
කොච්චර එකක්ද. හැබැයි එකතුවෙලා රට උලාකනවා හෙම නොවෙ . නැතිනම් පුරුදු පරිදි අරු හොරා මුහොරා කියලා චන්ඩෙ අරගෙන බලය ලබුන ඩවසෙ ඉන්ඩලා හොරකමට නොවෙ.
අනේ යනවා යන්න අපි දැක්ක එකතුවුණු හැටි... කරන තරමක් කලේ එක එක බොරු ප්‍රශ්න ඇදගෙන මණ්ඩලේ හොරු එලවන එකට බාධා කල එක, වැඩ කරන්නේ ශම්මිට, වැරැදිලාවත් ජනතාවගේ ඉවසීමේ සීමාව පැනලා ශම්මි ගුටි කනකොට ඔබටත් ප්‍රහාර එල්ල වේවි...!
පොහොට්ටුවේ ඉන්න හොර දූෂිතයෝ එක්ක එකතු වෙන්නේ ඔවුන්ටම හරියන අය මිසක් වෙන කවුද?
යහමින් මුදල් ගලාගෙන එන මේ ක්‍රිකට් ඉල්ලම හිමිකර ගන්න... හොර රැලටම පුදුම විදිහේ එකමුතුකමක් ඇතිවී තිබෙන බව නම් පේනවා... බිඳී ගිය මිත්‍රකම් විතරක් නෙවෙයි, නැතිවී තිබුණු සහෝදරකම් පවා ක්‍රිකට් මුදල් ඉදිරියේ නැවත සම්බන්ධ වෙන්න පටන් අරගෙන... සාමාන්‍ය හොරුන්ගෙන් කම්බා හොරු මෙන්ම පාතාල කාරයින්ගේ අතට ක්‍රිකට් කවුන්සිලය පත්වුණාම, සිදුවෙන වින්නැහිය, මෙතන අඬ බෙර ගහලා උඩ පනින බොහෝ අයට තේරෙයි... ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවට, ක්‍රිකට් පාතාලයක් බිහිකිරීමට තමයි මේ වලිකන්නේ... මාධ්‍යයේ යන නාඩගම බලලා උඩ පනින පල් මෝඩයින්ගෙන් මම අහන්නේ, ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා රජයට අයිති නැද්ද..? එහෙම නැත්නම් ශ්‍රී ලංකා නීතියට යටත් නැද්ද...? වැරැදිකරුවන් ඇත්නම් තනතුරුවලින් පහකොට, ඔවුන්ට අධිකරණය මගින් දඬුවම් දිය නොහැකිද..?