(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ක්‍රිකට් බෝඩ් එක"හරි වුනත් වැරදි වුනත් ජන මතය යන්න කියනවා නම් ඔවුන් යා යුතුයැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
ක්‍රිකට් පාලක මණ්ඩලය තිබෙන ජන මතයට ඇහුම්කම් දිය යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා මෙම ප්‍රශ්නය දුරදිග අදින්නේ නැතිව එහි සියලු සාමාජිකයන් ඉවත් විය යුතුව තිබෙන බවද කීය.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන්නෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙනා යෝජනා සම්මතයේ විවාදය අමතමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ක්‍රිකට් විතරක්? තමුන්ලත් ජන මතයට හිස නැමිය යුතුයි.. ඔයාලාට යන්න කියලා ගොඩක් කල්.. තවම පුටුවේ ඇලිල ඉන්නේ...!
තමුනුත් තමුන් වගේම තව අයත් ජනමතයට ඇහුම්කන් දීලා ගෙදර යා යුතුයි. පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් රිංගන්නේ නැතිව...