
(වසන්ත චන්ද්‍රපාල)
කල්මුණේ ප්‍රදේශයේ පිහිටි පරිවාස සහ ළමා ආරක්ෂක නිවාසයේ රඳවා සිටි 15 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී මරා දමා තිබු සිද්ධියට සැකපිට අත් අඩංගුවට එහි පාලිකාව ලබන 18 දක්වා රිමාන්ඩ් කරන්නැයි කල්මුනේ මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදින් මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම ළමා නිවාසයේ පාලිකාව වන ප්‍රින්ස් පිලේන්ද්‍රන් යන කාන්තාවයි.
කෝවිලක පහන් දෙකක් හොරකමක් කිරිම සම්බන්ධයෙන් මඩකලපුව කොකුවිල් පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම දරුවා කල්මුණේ ප්‍රදේශයේ පිහිටි පරිවාස සහ ළමා ආරක්ෂක නිවාසයේ සිටියදි මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd