
(බන්ධුල ඉලේපෙරුම)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, එම ආයතනය විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට කාරක සභා සාමාජිකයෝ තීරණය කළහ.
සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පැවැති රැස්වීමට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය අවධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව නිරික්ෂණය වී ඇතැයි කාරක සභාවේ සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතා මෙහිදී කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ජනතා අප්‍රසාදය ඉහළ ගොස් ඇති බවත් එය එක් පාර්ශවයකට පමණක් හිමි දෙයක් නොව රටට අයත් දෙයක් බවත් හෙතෙම අවධාරණය කළේය.
2017 වසර වන විට රුපියල් මිලියන 240 කට අධික මුදලක නොනිමි වැඩ වලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් , වැඩභාර ගැනීමේ ලිපි සහ වැඩ ආරම්භ කිරීම හා අවසන් කළ යුතු දිනයන් යනාදී සම්බන්ධිත ලියවිලි විගණනයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කාරක සභා සාමාජිකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළහ. කාරක සභා රැස්වීමේදී හෝ එම ලිපි ගොනු නිවැරදිව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කියන්නේ? සර්ට එන්න කියන්නද?
කාරුණිකව අපගේ අදහස් මධ්‍යස්ථව සිතීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ක්‍රිකට් ආයතනය යනු හුදෙක් මිනිසුන්ගේ මුදල් කාබාසිනියා කරන ආයතනයක් බව පළමුව අප ඍජුවම සඳහන් කරන්නෙමු. මෙම කමිටුවට කිසිඳු සූදානමකින් තොරව පැමිණියේ සුදුසුකම් ලත් නිලධාරින්ද, නොඑසේ නම් එක එකාගේ වසුරු සෝදන සුදුසුකම විතරක් සපුරාලූ අයද යන්න විමසන්නෙමු. එසේත් නොමැති නම් හොර සහතික පෙන්වා තනතුරු ලබාගත් රෑනක් විය යුතුමයි. මක්නිසාදයත් මෙවන් කමිටුවක් ඉදිරියට කිසිදු සූදානමකින් තොරව පැමිණියා යන්නම ප්‍රමාණවත්.. මෙම පාදඩයන් පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම නොවේද? මෙම තක්කඩියන්ව එම නිලතලවලින් පන්නා දමා විනය පරීක්ෂණ කිරීමට මෙම සිදුවීම ප්‍රමාණවත් නොවේද? අද දින මෙම කමිටුවට පැමිණි සියල්ලොගේම කාලය,වැයවූයේ කුමක්ද... ඒ සියල්ලම මහජන මුදල් නොවේද?
රටේම කිසි කළමනාකරණයක් නැතිකොට මේ ආයතන ගැන මොන කතාද?