(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම  ප්‍රශ්නය දේශපාලනයට ඈඳා ගන්න එපා යැයි ඉල්ලා සිටින බව කී විජේසේකර මහතා ඒ ගැන කනගාටුවට පත් වෙන බව සඳහන් කළේය

විපක්ෂය මෙන්ම  ආණ්ඩුවත් එකතු විය යුත්තේ  අයිසීසී තහනම ඉවත් කර ගැනීම සඳහා යැයි කී අමාත්‍යවරයා ජනපති ඇමති  කමිටුවට බලය පවරා ඇත්තේ ක්‍රිකට් සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස සම්බන්ධ අදහස් යෝජනා ලබාදීමට බවයි.ක්‍රිකට්  තහනම ඉවත් කර ගැනීම සඳහා  පාර්ලිමේන්තුව ම එක් විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.