(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රිකට් වගේම අද රටේ හොරකම නැති තැනක් සොයා ගැනීම අමාරු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවන බව පැවසූ හිටපු ජනපතිවරයා වසර විස්සකට පෙර සිට එහි දූෂණය ක්‍රියාත්මක වූ බවද සඳහන් කළේය.
රටේ හොරකම වැළැක්වීමට ශක්තිමත් නීති ගෙන ආ යුතු බවද ඔහු කීවේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය අද ඊයේ ඇති වූ දෙයක් නොවෙයි. ඒකෙ දූෂණ මීට අවුරුදු විස්සකට එහාට දිව යනවා. දූෂණ වංචාව අද මේ රටේ තියෙන්නෙ ක්‍රීඩාවේ පමණක් නොවෙයි. අද රටේ හොරකම දුෂණය නැති තැනක් නැහැ.
මේ අය මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට. ක්‍රීඩාවලට. ක්‍රිකට්වලට බෝලයක් ගන්න බැරි පාසල් දරුවන් ඉන්නවා.මේ රටේ කුඩුකාරයෝ පාතාල කාරයෝ වංචාකාරයෝ බිහිවෙලා තියෙන්නෙ සෑම අංශයකම හොරකමත් එක්ක. ක්‍රිකට් විතරක් නොවෙයි. සෑම අංශයකම දූෂණය නැති කළ යුතුයි. දක්ෂ ක්‍රීඩකයන් ගොඩක් බිහිවන්නේ ගමෙන්. වංචා දූෂණ වැළැක්වීමට නව නීති රටට අවශ්‍යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් ජනපති කාලෙ වුන ක්‍රිකට් ක්‍රීඩාවෙ දූශන වලට මුකුත් නොකර දැන් කියවල මොකටද????
සුදු ඇඳගෙන කළු ඇවිදින් අනේ හිටන්
ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි මුළු රටම පල්ලම් බහින්න පටන් ගත්තේ තමුන් ආප්ප කෑවට පස්සේ කියලා දැන් මුළු රටම දන්නවා.
ඉතින් ඔයා හිටපු ජනාධිපති කෙනෙක්නේ... බම්බු ගැහුවද? ඒකට ක්‍රියාමාර්ග ගන්නේ නැතිව...
ඇස් කන් පියාගෙන ඉඳලා දැන් කයිවාරු ගහනවා. පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත්, බකන්නිලාගෙන හිටියනේ...
මෙන්න බොලේ සුදනෙක්...!
දී කිරට බළලුත් සාක්කි...!