
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාර්ගයක් අවහිර වන සේ මෝටර් රථයක් නවතා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්ත උපසේවා පොලිස් පරික්ෂක වරයකු බව පොලීසිය කියයි.
සැකකරුගේ නිවසට ගමන් ගන්නා මාර්ගය අවහිර වන සේ මෝටර් රථයක් නවතා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 07 දා දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර පසුව එම පුද්ගලයාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී පහරදීමට තැත් කළ බව පවසා පැමිණිල්ලක් ලැබී තිබූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (08) දා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් පාට් අවභාවිතා කරන අයට අසුබ කාලයක් මේක. සෙත් සාන්තියක් කෙරුවා නම් මුලු පොලීසියේ මහත්තැන් හැමෝටම හොඳයි මයේ හිතේ.