
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.* ¥ෂණ මර්දන අංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දේශීය තරගාවලි සංවිධාන අංශයේ නියෝජ්‍ය කළමනාකාර ධූරයක් දරණ නිලධාරියකු බාරයට ගෙන ප‍්‍රශ්න කර තිබේ.
දේශීය තරගාවලියකදී සිදුවූයේ යැයි කියන තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අදාල නිලධාරියා බාරයට ගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය ද අයි.සී.සී. නිලධාරීන් බාරයට ගෙන තිබේ.
කොළඹ ප‍්‍රධාන හෝටලයකදී අදාල නිලධාරියාගෙන් ප‍්‍රශ්න කර ඇති බවත් අදාල නිලධාරියාට මීට පෙර ද මෙවැනි චෝදනා එල්ල වූ බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල නිලධාරියා සම්බන්ධයෙන් ක‍්‍රිකට් ආයතන මට්ටමින් ද අභ්‍යන්තර විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කමිටු සභාපති වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් බුකීපාලගේ නම ගෑවිලා ඇති කොහේහරි...
කරුණාකර මේ වංචාවෙන් පිරි ක්‍රිකට් සඳහා මහජන බදු මුදල් වියදම් කිරීම නවත්වන්න. මේ මුදල් රටේ දුප්පත් මිනිසුන් නගා සිටුවීම සඳහා භාවිතා කළ යුතුයි.