(යොහාන් භාසුර)
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් කළ බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින් අතුරු කමිටුව අවලංගු කරන බවත් අමාත්‍යවරයා කීය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය නොවැමම්බර් මස 6 වැනිදා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊට දින කීපයකට පසුව එහි ශ්‍රී ලංකා සාමාජිකත්වය තහනම් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලාම ICC එකට කියලා තහනම් කරගන්නවා, එයාලාම දැන් බෑන්ඩ් එක අයින් කරගන්නවා. බෝඩ් එකේ හොරු තාමත්, මොනවත් නැතිව ආතල් එකේ ඉන්නවා.... දැන් වැඩේ හරිනේ හරීන්...
හොරු ඔක්කොම එකට කියන්නේ මේවට...!
දැන් මේ හාදයා මේක කරන්න ඇමැති මණ්ඩලය, රනිල් ගොයියාව දැනුවත් කළාද? මෙයා යන්නේ ක්‍රිකට් කාලා, රටත් කාලා...!
මෙයා තටම තටම හිටියේ ඕක කරන්න තමයි, සාගල ඉස්සරහා කෙලින් හිටගන්න බැරි මෙවගේ අය තමයි අද පිනාගේ කැබිනට්ටුවේ පිරිලා ඉන්නේ...!
රට ලස්සන, සුන්දර යුගයකට...!
ඇමති - හොරු සමග හෙළුවෙන්... ලංකාවේ ක්‍රිකට් ආයෙත් කවදාවත්ම හදන්න බැරි වෙයි.