
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ණය ගෙවා දැමීමට ආණ්ඩුවට දීර්ඝ කාලයක් දෙන්නැයි තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
" ජනතා ප්‍රශ්නවලදී රජයට විපක්ෂයේ සිට සහයෝගය දෙනවා" යැයිද ඔහු සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය
ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගන්න 21 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි කිව්වා. අපි ඒකට සහයෝගය දුන්නා. අයි,එම්,එෆ් යන්න කිව්වේ අපි. ඒත් සමහර අයි,එම්,එෆ් කොන්දේසිවලට එකඟ නැති නිසා ඡන්දය දීමෙන් වැළකී සිටියා.අයි,එම්,එෆ් ගියපු එක හොඳයි. නමුත් කොන්දේසි ජනතාවට දරාගත හැකි වෙන්න ඕනේ.අයි,එම්,එෆ් ශ්‍රී ලංකා නියෝජිතවරිය එදා අපිට හමුවුණ වෙලාවේ ණය ගෙවන්න ආණ්ඩුවට දීර්ඝ කාලයක් ලබා දෙන්න කියලා ෂෙහාන් ඇමතිතුමා ඉස්සරහම කිව්වා. ඒ තත්වය ඇති වුණොත් ජනතාවට තියෙන පීඩනය අඩු වෙනවා.
අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් ණය ගෙවීමට සිදු වුණොත් ජනතාවට ඇතිවන පීඩනය වැඩි වෙනවා.බදු වැඩි වෙනවා.විදුලි බිල වැඩි වෙනවා.ජීවන වියදම වැඩිවෙනවා. ඒකයි මම එහෙම ඉල්ලුවේ.දේශීය නියෝජිතවරියට අපේ ණය ගෙවන්න දීර්ඝ කාලයක් ලබා දෙන්න කිව්වම එතුමිය බෑ කිව්වා.ණය ගෙවීම ඉක්මනට කරන්න ඕන කිව්වා.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරිඇල්ලගෙන් ආණ්ඩුවට තල්ලුවක්
සල්ලි Thursday, 08 June 2023 05:18 PM
RDA එකේ මෙයාගේ පරම්පරාවේ අයගේ සලකුණ තියනවා.
Bamunuarachchi Friday, 09 June 2023 12:23 PM
දැන් කිරිඇල්ල කියන දේවල්ම අහලා කටයුතු කරාවි..