IMG-LOGO

කිරිඇල්ල කතානායකට පැමිණිල්ලක් කරන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැතිසබයේ සමහර කමිටු නීතියට පිටින් ගොස් ප්‍රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුලසුනේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ලක්මන් කිරිඇල්ල මහතා මෙසේද සඳහන් කළේය.

සෑම කාරක සභාවකටම සීමා තියෙනවා. නමුත් සමහර සභා නීතියට පිටින් ගිහිල්ලා ප්‍රශ්න අදිනවා. කෝප් කමිටුව යම් සිද්ධියක් ගැන පරීක්ෂණයක් කරන්න නම් ඒ ගැන විගණන විමසුමක් තියෙන්න ඕන. එහෙම දෙයක් නැතුව පරීක්ෂණ කරන්න බැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නැගිටලා පැමිණිලි කරනවා. සභාපතිතුමා පරීක්ෂණයක් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක රූපවාහිනිය පෙන්නනවා. මේක අපිට කරන බලවත් අසාධාරණයක්. විගණන විමසුම් විතරයි ගන්න පුළුවන්. නමුත් නිලධාරීන් ඔක්කොම ගෙන්නනවා. මහවැලි ඒකෙ ඔක්කොම ගෙන්නුවා. ඉඩම් ප්‍රශ්න රස්සා දෙන ක්‍රමය ඔක්කොම සාකච්ඡා කරනවා. මේවා විගණන විමසුම්වල නැහැ. කෝප් එක දාල තියෙන්නෙ විගණන විමසුම්වලට විතරයි. මමයි සභානායකතුමායි තීරණය කළා කතානායකවරයා හමුවෙලා කෝප් සභාපතිවරයාට උපදේශයක් දෙන්න.

 



අදහස් (0)

කිරිඇල්ල කතානායකට පැමිණිල්ලක් කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site