(අංජුල මහික වීරරත්න)
කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන් පනස්දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කිරීම පිණිස 2023/11/20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව දේශීය වෙළඳපොලේ කීරි සම්බා සහල් සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටොන් එකක් යනු කිලෝ දාහක් ටොන් පනස් දහක් දාහේ ඒවා පනස් දාහක් ඒ කියන්නේ කිලෝ කෝටි පහක් ඇමතියට එක කිලෝ එකකින් රුපියලක කොමිස් එකක් දුන්නත් නිකම් කෝටි පහක් සාක්කුවට, ඉතිං මුන් අකමැති වෙයිද රටින් සහල් ගෙන්වන්න.
කීරි සම්බා කියන්නෙ ලේවල සීනි වැඩිවීමට හේතුවක් වෙන සහල් වර්ගයක් කියලා අහන්න ලැබුනා ඉතින් ඒවා වැඩියෙන් ගෙනවිත් ජනතාව රෝගීන් වුනාම ප්‍රතිකාර සදහා විශාල වශයෙන් ඩොලර් පිටරටට ඇදිල යනවා හාල් ගෙනවිත් එකෙක් කොමිස් කුට්ටි ගනිද්දී ඒකේ ප්‍රතිඵලයක් ලෙසට තවත් එකෙකුට කොමිස් මාර්ගයක් ඇති වෙනවා කොහොමද සෞභාග්‍යයේ දැක්ම
කීරි සම්බා කියා සහලක් ලංකාවෙන් පිට කොහේවත් නැහැ. ඔය හාල් බතලගොඩ නිපදවූ එකක්. වෙළෙන්දො තමා ඕක කීරි සම්බා කියලා බවුතීස්ම කරල සම්බා විශේෂයක් කියල මිල වැඩිකර විකුණන්න පටන් ගත්තෙ. මේ තොරතුරු හාල් නිපදවූ විද්යාඥයාම පවසා තිබුණා මට මතකයි.