IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි

(කේ.ආර්.රාජමන්ත්‍රි)

මගේ චුටි නංගිගේ  උවමනාවට මගේ මාමායි  අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ චුටි නංගියා කාර් රේස් තරගයකදී මගේ මාමාත් එක්ක අපිව දාලා ගියා යැයි ඤාති සොහොයුරියක වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය පැවසුවාය.

මෙම අනතුරින් ශිවරාජ් කෞෂල්‍යාගේ මවගේ අයියා වන මුත්තුලිංගම් උදයකුමාර් සහ මුත්තුලිංගම්ගේ වැඩිමහල් දියණියගේ තුන්වැනි දරුවා වන හත් හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා යන දෙදෙනා මිය ගොස් තිබුණි.

ඩයරබාවත්තේ ඥාතී හිතවත් සියලු දෙනාම අද (22) දිනුෂිකාගේ නිවසට රැස්ව දිනුෂිකාගෙත් සීයාගෙත් වියෝවීම සම්බන්ධයෙන් තම ශෝකය පළ කරමින් සහ දිනුෂිකාගේ මතක සැමරුම් ගැන කතා බහ කරමින් දක්නට ලැබිණි.

අප එහි යන විටත් දිනුෂිකාගේ පියා දිනුෂිකාගේත් සීයාගේත් සිරැරැ ගෙන ඒමට දියතලාවටගොස්  සිටි නිසා දිනුෂිකා ඔහු හමුවීමට නොහැකි විය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනුෂිකාගේ ඥාතී සොහොයුරිය වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය මෙසේ කීවාය.

මගේ අම්මාගේ අයියා තමයි මුත්තුලිංගම් උදයකුමාර් එයා වත්තේ කම්කරුවකු ලෙස සේවය කරනවා. එයාගේ වැඩිමහල් දියණිය මීට ටික කලකට පෙර මිය ගියා. එයාගේ  තුන්වැනි  දරුවා තමයි 7 හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා එයාගේ සියාට හරිම ආදරෙන් තමයි හිටියේ. සියාත් එයාට හරිම ආදරෙයි. දිනුෂිකාට අයියලා දෙන්නෙක් ඉන්නවා.දිනුෂිකා ඩයබරාවත්තේ වතු පාසලේ 2 වැනි වසරේ තමයි ඉගෙනගත්තේ.

අපේ චූටි නංගි ඉස්කෝලේ වැඩ කරන්න හරිම ආසයි. එයා හැමදාම ඉස්කෝලේ වැඩ කරලා රූපවාහිනියේ කාර් රේස්, කාටුන් බලන්න ආස කළා. සීයා වගේම එයාගේ තාත්තා දිනුෂිකාට හරිම ආදෙරෙන් හිටියේ අම්මා නැති පාඵව චුටි නංගිට දැනෙන්න එයාගේ තාත්තා ඉඩ තිබ්බේ නෑ. චුටි නංගි නැතුව එයාගේ තාත්තා කොහොම ඉදිද මන්දා. 

රූපවාහිනියේ කාර් රේස් එක සම්බන්ධව පෙන්නුවාම මෙයාට යන්නම ඕනෑ වුණා බලන්න. දිනුෂිකා චුටි නංගි එයාගේ තාත්තාටයි සීයාටයි මේ බව කිව්වා. ඇත්තටම අපේ වත්තේ කට්ටියක් එකක් කාර් රේස් එක බලන්න බස් එකක් අරන් ගියේ චුටි නංගිගේ උවමනාවටමයි.  

දිනුෂිකා නංගි ඇතුළු වත්තේ අය 27 උදේ ගිහින් තියෙනවා. මේ ගොල්ලන් තරගය බලන්න ගිහින් තියෙන්නේ පාර අද්දරම තියෙන පුටුවල වාඩිවෙලා බව එහෙ ගිය අය මාත් එක්ක කිව්වා. 

සීයාගේ උකුලේ තමයි දිනුෂිකා චුටි නංගි ඉදලා තියෙන්නේ. තරගය බලන්න ගිය අය තමයි සියායි චුටි නංගි හිටිපු පුටුව උඩට කාර් එකක් පෙරළිලා විසිවුණා කියලා. චුටි නංගිට ඒ වෙලාවෙි මොනවා හිතුණාද දන්නේනෑ.

 එයා අන්තිමට කිව්වේ අපි ගිහින් එන්නම් කියලා තමයි. ඒත් චුටි නංගිවත් මාමාවත් ආයිමත් අපේ ගෙදරට එන්නේ නෑ කියලා හිතුණාම එන්නේ. ආයෙමත් අපේ ගෙදර රූපවාහිනිය බලන්නත් එන්නේ නෑ. එයාගේ ආසාව තිබුණේ කාර් රේස් බලන්න. අන්තිමට කාර් රේස් එකක් බලලා මාමායි දිනුෂිකා නංගි අපිට නැති වුණා යැයි මෙම විස්තර පැවසූ  ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය කීවාය.



අදහස් (3)

කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි

පිටිගල මිලානෝ Tuesday, 23 April 2024 09:27 AM

ප්‍රමිතීන්ගෙන් තොර රේස් සංවිධානය කළ සංවිධායකයින් සහ හමුදා නිලධාරීන් සියල්ල සහ ක්‍රීඩා ඇමති අත්අඩංගුවට ගන්න….

:       0       0

රටවැසියා Tuesday, 23 April 2024 11:18 AM

ජිවිතය පටන් ගන්නකොටම එය අවසාන වීම තරම් ඛේදවාචයක් තවත් නැත. අහිංසක දැරියට නිවන් සුව පතමු, නුගතුන් සහ පල් මෝඩයන් ඉන්න රටක නැවත නුපදින්නට පතමු!

:       0       0

කමල් Tuesday, 23 April 2024 01:15 PM

අන්තිමට කාගේ හරි වැරද්දකින් මේ වගේ ඉතාම සරල ජීවිත වල පුංචි සතුට අහස පොලව දරා ගන්න බැරි දුකකට පරිවර්තනය වුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site