(කාංචන කුමාර ආරියදාස)

ප්‍රවාහනය කරමින් තිබූ කිරි බවුසරයකින්  කිරි ලීටර් 100ක් පමණ ඉවත් කර ඒ් වෙනුවට වතුර කලවම් කිරීමේ ජාවාරමක නිරතව සිටි කිරි  බව්සර්  රියදුරෙකු  සහ කිරි මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු   අත්අඩංගුවට  ගත් බව පොලීසිය කියයි.

දඹුල්ල පොලිස් ස්ථානයේ සිට මීටර් අටසීයක් පමණ  දුරකින් පිහිටි  මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේදී  මධ්‍යම රාත්‍රියේ කිරි  බවුසරයේ  මුද්‍රා ඉවත් කොට කිරි එළියට ගෙන  ඊට වතුර යොදමින් සිටින සිද්ධියක් පිළිබඳව දඹුල්ල  මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි.