IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කිරි ගවයෙක් ඉස්සුවොත් ලක්ෂ 10ක දඩයක්

(අංජුල මහික වීරරත්න)

කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහල නංවා සත්ව සුබ සාධක පනත සංශෝධනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  උපදෙස් දුන්නේය.

කිරි ගවයින්  සොරකම් කිරීම් මේ  වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවට වාර්තා වී ඇතැයි  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

දැනට ක්‍රියාත්මක සත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000ක් වන අතර ඒ වරද සදහා සිර දඩුවම් පැනවීමක් ගැන සඳහන් නොවන බව අමාත්‍යාංශය කියයි.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අඩුම තරමින් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුලත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය   මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 



අදහස් (6)

කිරි ගවයෙක් ඉස්සුවොත් ලක්ෂ 10ක දඩයක්

Senarath Wednesday, 25 October 2023 01:51 PM

ඉතාම හොඳ යෝජනාවක්...

:       0       12

නිශාන්ත Wednesday, 25 October 2023 02:13 PM

බත් කන හරක් නම් ඕනෑතරම්...!

:       0       4

Galkotuwe Gedara Suneth Hemantha Kumara Wednesday, 25 October 2023 02:18 PM

එතකොට ගොනෙක් ඉස්සුවොත්, මේ නීතිය සියලු ගවයින්ට අදාල විය යුතුයි...!

:       0       9

fairoos Wednesday, 25 October 2023 05:07 PM

ඉතාම හොඳ තීරණයක්...

:       0       1

සෞභාග්‍යයේ රට පෙරට Thursday, 26 October 2023 06:14 AM

අවමය රුපියල් ලක්ෂ දහයක් උපරිමයෙන් ලක්ෂ පහලවක් කරන්න බරපතළ වැඩ ඇතුව වසරක සිර දඩුවමක් කියන්නෙ හොරා වසරක් රජයේ මුදලින් නඩත්තු කිරීමක් වෙනවා වසරක් කියන්නෙ අරකට මේකට කැපුවම මාස හයක හතක සිර දඩුවමක් විතරයි ඒක තිබුනොත් අන්තිමට ඒ දඩුවම පමණක් වෙන්න පුළුවන් සතුන් අයිතිකරුට සතාගේ වටිනාකම ලැබීමට හා රජයේ වියදම් (අධිකරණයට වියදම් ) ගැනීමටත් එනිසා රජයට පාඩුවක් නොවෙන්න මුදල් දඩයක් පැනවීම තමයි මේ කාලයේ වඩාත්ම සුදුසු කියන්න පුළුවන් නොගෙනාවනම් අවමය වසර විස්සකට වත් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන්න අවශ්‍ය නීති සැකසීම කරන්න

:       0       0

Anura Thursday, 26 October 2023 08:22 AM

හොඳ තීරණයක්. අපි ආචාර කරනවා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site