(අංජුල මහික වීරරත්න)
කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ලංකාවේ වැවෙන කිරි අල ඇතුළු බෝග කිහිපයක් විදේශ රටවලින් ආනයනය කර ඇතැයි ද මේ සඳහා ඩොලර් මිලියන 295ක් වැය කර ඇතැයි ද පාර්ලිමේන්තුවේදී කෙරුණු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම වාර්තාව ඉල්ලා ඇත.
එම ප්‍රකාශයේ දැක්වෙන පරිදි කිරි අල ඇතුළු එළවළු වර්ග කිහිපයක් මෙරට වගා කිරීමට හැකියාව තිබිය දී ආනයනය කර ඇත්ද යන්න සම්බන්ධව සොයා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ නියෝගයේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න සැබෑ උවමනාවක් තියෙනවා නම් ආනයන අපනයන පාලක හෝ රේගු අධ්‍යක්ෂ මගින් ඔය වාර්තාවක් ගන්න ක්‍රමයක් හදන්න බැරිද ඇමතිතුමා ඇත්තටම ඔය මෙරට ගෙවතුවල කසල ගොඩවල් වල හොදින්ම වැවෙන කිරි අල ගෙන්වීම සදහා කෘෂිකර්ම නිළධාරින් වෙතින් අවසරයක් ගන්න ඇතිනේද එහෙම අරගෙන නැත්නම් කරුණාකර දැන්වත් එවැනි අවසරයක් ගැනීමට අනිවාර්ය කරන නීතියක් වහාම ගේන්න