(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කිඹුලා ඇලේ ගුණා නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය හරින කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකු සහ ඔහුගේ ගෝලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 10 ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 46 මිලිගෑම් 250 පොලීසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් වැල්ලම්පිටිය සේදවත්ත,මාදම්පිටිය හා මෝදර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 29 38 හා40 පසුවන අය බවත් වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය සහ මෝදර පොලිසි වලට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd