IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කම්හල් සේවකයන් යළි සේවයට පෙර පී.සී.ආර්. පරීක්ෂණයට

විනීතා එම් ගමගේ

කොළඹ නගරයේ වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන පවතින තත්ත්වය සමහන් වූ පසු යලි විවෘත කිරීමේදී සියලු සේවකයන් කොරෝනා වයිරසය ශරීර ගතවී ඇත්දැයි සෙවීමේ පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ.

සේවකයන් යලි සේවයට වාර්තා කිරීමේ දි මෙම පරික්ෂණය සිදු කිරීමෙන් පසු ඔවුන්ට රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව දිය යුතුබවට ද එම කමිටුව තීරණය කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කම්හල්  විශාල පුමාණයක් ඇති බවත් ඒවායේ සේවයේ නිරත පිරිස් විවිධ පුදේශවලින් පැමිණෙන බවත්  එම වයිරසය ශරීර ගතවූවකු ගෙන් යලි බොහෝ පිරිසක් රෝගීන් වීමේ අවදානමක් ඇති බවත් එම කමි⁣ටුව පෙන්වා දී තිබේ.



අදහස් (8)

කම්හල් සේවකයන් යළි සේවයට පෙර පී.සී.ආර්. පරීක්ෂණයට

banda Sunday, 12 April 2020 04:20 PM

ප්‍රායෝගිකව කරන එක පහසු නෑ. ඒත් ඉතාම වටිනා තීරණයක්.

:       114       190

ruwan Sunday, 12 April 2020 04:48 PM

ඒ අය කම්හලේම නවතිනවද? වැඩ ඉවරවෙලා ගෙදර යනවද? එතකොට ඊළඟ දවසෙත් කම්හලට එන්න කලින් PCR test කරනවද?

:       121       261

samMonday, 13 April 2020 12:38 AM

රුවන්, මේ පරීක්ෂණ කට්ටල දොළොස්දහසක් ලංකාවේ තියන බව GMOA එකෙන් කියනවා. ඒ කියන්නේ මුළු ලංකාවටම තියෙන්නේ ඒ ප්‍රමාණය කියන එක නේද?

:       0       0

චන්න Sunday, 12 April 2020 04:50 PM

පාසල් විවෘත කරන කොටත්, ශිෂ්‍යයන් සහ ගුරුවරු සදහාද මෙම පරීක්ශනය කරන්න...

:       83       356

ranjith Monday, 13 April 2020 01:37 AM

හොද තීරණයක්... එක පරීක්ෂණයකට යන්නේ 6000ක් විතර.. රෝගය පැතිරුනොත් එමගින් ඇතිවන පාඩුව අතිවිශාලයි. අපි හිතන්න ඕනේ දුරළඟ නෙවෙයි.

:       0       0

Asanka Monday, 13 April 2020 06:14 AM

කවුද ගෙන්නේ මේකට? එක පරීක්ෂණයක් 5000 ක් විතර වෙනවා.

:       4       37

අරුණළු Monday, 13 April 2020 01:33 PM

ආසාධිතයන් තවමත් හමුවන මොහොතක කර්මාන්තකරුවන් සතුටු කිරීමට යාමෙන් විශාල ව්‍යවසනයක් ඇතිවිය හැකිය. PCR ටෙස්ට් එක එක්වරක් කිරීමෙන් සෑහීමකට පත්විය හැකිද? සේවකයන් සඳහා නවාතැන් පහසුකම් සපයා දුන්නත් ඹවුන්ගේ රාජකාරි වේලාවෙන් පසුව කරනු ලබන ගමන් බිමන් සොයා ඛැලීමේ වගකීම භාර ගන්නේ කවුද?

:       0       0

ගයාන් දිලීප් බණ්ඩාර Tuesday, 14 April 2020 01:42 AM

නැවතත් පරිසර දූෂණය පටන් ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site