(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.
මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත් කර තිබෙන අතර, එම්.ඒ.පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
අදාල ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොදයි මොකද ඒ ඒ අංශවල දැනුමක් තියෙන අයගෙන් පත්කර තියෙනවා ඒ වගේම සෑම වැදගත් තැනක් සදහාත් එහෙම කලොත් ඉතාමත් හොදයි
පත් කරන්න, තව තව පත් කරන්න.
ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට පත් කළද මේ වසරේ මැතිවරණ හෝ දේශපාලන වෙනස්කම් සිදු නොවන බව පැවසේ, ජනාධිපතිවරයාගේ කාලය අවසන් වනතුරු එතුමා විසින් ආරම්භකළ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට පක්ෂ විපක්ෂ ඔහුට සහයෝගය ලබාදිය යුතුවේ. ඉදිරි ජාතික මැතිවරණයකදී රටට දේශපාලන වෙනසක් ලබාදීමට රටේ පුරවැසියන්ට අවස්ථාවක් ලබාදිය යුතුවේ. මාරුවෙන් මාරුවට පක්ෂ විපක්ෂ රට පාලනය කළ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුද වේ.
කොමිසන් කොමිසන් කොමිසන්...! ඕවායින් අපිට සිදුවන යහපත මොකක්ද? ඕවාට පත්කරන්නේම දේශපාලන හෙන්චයියන්. ඔවුන් කරන්නේ පත්කරපු කෙනාට ඕනෑ දේ මිසක් මහජනයාගේ සුබසිද්ධියට අදාල වන දේවල් නෙවෙයි...
හොඳ වැඩක්...
පුංචිහේවාට ඡන්ද නොපැවැත්වීමේ ශිල්පය පිළිබඳ මනා පරිචයක් ඇත.
මොනවා වුණත් කොමිසම් පත් කිරීම අතින් නම්, ලංකාවේ ජනාධිපතිලා ලෝකයෙන්ම කප් එක උස්සලයි තියෙන්නේ... කාටද ආඩම්බර..?
ප්‍රවීණතාව මොකක් වුණත් කොමිෂන් සභා දෙකම ජනපතිටයි, ආණ්ඩුවටයි කඩේනම් යයි. අහෝ ! පුංචිහේවා? තියපු මැතිවරණයකුත් නෑ. මිනිස්සු දන්නෙත් නෑ.
මෙයාලට දැන් හොඳටම තද වෙලා...