IMG-LOGO

කමලා හැරිස්ට ‘කොවිඩ්’

ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘උප ජනාධිපතිනියට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි රැපිඩ් සහ පී.සී.ආර්. වාර්තා දෙකෙන්ම තහවුරු වුණා. ඇයගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ආසාදිතයකු බව තහවුරුවීමෙන් පසු ඇය ස්වයං නිරෝධායනයට ලක් වී සිටිනවා. ඇය උප ජනපති නිල නිවසේ සිට රාජකාරි කටයුතුවල නියැලෙනවා’ යැයි කමලා හැරිස්ගේ මාධ්‍ය ලේකම් ක්‍රිස්ටින් ඇලන් පවසා තිබේ.

කමලා හැරිස්ගේ සැමියා ඩග් එම්හොෆ් ය. ඔහුට පසුගිය මාර්තු මාසයේ ‘කොවිඩ් 19’ වයිරය ආසාදනය විය. එම අවස්ථාවේදී උප ජනාධිපතිනියට වයිරසය ආසාදනය වූයේ නැත.

ජනාධිපති ජෝ බයිඩන් ගැන ද විමසිල්ලෙන් පසුවන බවත් ඔහු ද නිරන්තරයෙන් ‘කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු කරන බවත් ධවල මන්දිරය වැඩි දුරටත් පවසා තිබේ. 79 හැවිරිදි ජෝ බයිඩන් පමණක් නොව, කමලා හැරිස් ද ‘කොවිඩ් 19’ සඳහා නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කමලා හැරිස්ට ‘කොවිඩ්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 32 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1622 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site