(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි දස හැවිරිදි බාලවයස්කාර දැරියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කැමරා අධ්‍යක්ෂකවරයකු අල්ලා පොලීසියට බාර දුන් බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.
බාහිර ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා හමු වීමේ අපේක්ෂාවෙන් ඉදිරිපිට අසුනක රැදී සිටියදී, ඊට පිටුපස පේළියේ රැඳී සිටි පුද්ගලයකු දැරිය සමඟ කුළුපඟවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ දරා ඇත.
මෙම අවස්ථාවේදී එක්වරම මෙම පුද්ගලයා දැරිය දෙස බලා කටින් සංඥාවක් කොට දැරිය ඔහු දෙස බලනවාත් සමඟම හැද සිටි කලිසමේ සිපරය පහත් කොට පුරුෂ ලිංගය දැරියට පෙන්වා ඇති බව එම ආරංචි මාර්ග පවසයි .
බියට පත් දැරිය අසල රැදී සිටි මවට පවසා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු රැඳී සිටි පුටුවෙන් නැගිට පළා යාමට උත්සාහ දරා තිබේ .
එම අවස්ථාවේදී රෝහලට පැමිණ සිටි පිරිස සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව රෝහලෙන් පිටතට දිව යමින් සිටි පුද්ගලයා අල්ලා පොලිසියට බාර දුන් බව එහි රැඳී සිටි පිරිස පවසති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට පොලිසියෙන් දඬුවම් ලැබෙන්නේ... ලාච්චුවට දාලා හිරකළා නම් ආයේ මෙහෙම වෙන්නේ නැහැ.