(අජිත්ලාල් ශාන්තඋදය)
කතරගම බලා පාගමනින් එන හින්දු බැතිමතුන් අද (04) සවස 3.00 පමණ වනවිට 20,000ක පමණ ප‍්‍රමාණයක් කතරගම බලා ගමන් කිරීමට කුමන ජාතික උද්‍යානය හරහා ඇතුළු වී ඇති බව කුමන සහ යාල ජාතික උද්‍යාන භාරකරුවන් වන සිසිර කුමාර රත්නායක සහ ඞී.පී. සියාසිංහ මහත්වරු පැවැසූහ.
පසුගිය ජූනි 27 දින පාද යාත‍්‍රාවේ එන බැතිමතුන්ට ඇතුළුවීමට කුමන වනෝද්‍යානයේ ගේට්ටු විවෘත කරනු ලැබීය. මුල් දින හය තුළ බැතිමතුන් 8848 ක් ඇතුල් වී තිබුණි.
කුමන වනෝද්‍යානයේ පිවිසුමේ ඕකන්දේ පිහිටි මරුගන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයයේ පළමු දිනය 03 වැනිදා යෙදී තිබුණ අතර එදින බැතිමතුන් 8253ක් කතරගම බලා පැමිණීමට ඇතුළු වී තිබුණි.
එය මැතකදී බැතිමතුන් වැඩිම සංඛ්‍යාවක් පැමිණි දිනයක් විය. අද (04) සවස 03.00 ට කුමන පිවිසම් ගේට්ටුව වසන අවස්ථාව වනවිට එදිනට 2672ක් ඇතුළු වී තිබුණි.
ඒ අනුව ගෙවුණු දින අට ඇතුළත බැතිමතුන් 19,373 දෙනෙක් කතරගම බලා යාමට කුමන සහ යාල ජාතික උද්‍යානවලට ඇතුළු වී සිටින බව එම උද්‍යානවල භාරකරුවෝ පවසති.
ලබන 09 වැනිදා සවස 03.00 වන තෙක් කුමන වනෝද්‍යානයෙන් පාද යාත‍්‍රාවේ එන බැතිමතුන්ට එහි ඇතුළුවීමට අවස්ථාව සලසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බැතිමතුන්ට අතරමග ගම් වලදී දන්සැල් සංවිධානය කර කෑම, බීම ටිකක් පිරිනැමුවා නම් හොදයි නේද. විවේක ගන්න කූඩාරම් වැනි සෙවන දිය හැකි දෙයක් සමග ගමන් විඩාව නිවාගෙන ගමන් කරන්න. අදහසක් ඉදිරිපත් කලා පමනයි. දැනටත් මේ දේවල් කෙරෙනවද දන්නේ නෑ. එහෙම කලොත් ලොකු පිනක් සහ ඒ මිනිස්සුන්ට සිංහල ජනයාගේ ආගන්තුක සත්කාරයත් දැනේවි.
දෙන්න වතුර බෝතලයක් ඒ බැතිමතුන්ට.. ඔබගේ විශ්වාසය වගේම ඔවුන්ගේ විශ්වාසයට ගරු කරන්න
අදහන ආගම අනුව ඔවුනට හොඳක්ම සිද්ද වෙන්න ඕනේ.
වනෝද්‍යානය තුළ ඒවා කරන්න අවසර නැහැ. මේ අය අනාධිමත් කාලයක ඉඳලා මේ ක්‍රමයට හුරු වෙලා. දෙන්න පුලුවන්නම් හොඳයි තමයි...