IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කම්කරුවන් රැකියාවට ගිය කම්කරු දිනයක්

ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත.  එහෙත් රටේ පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර ශ්‍රී ලංකාවේ කිසිදු පක්ෂයක් මැයි දින සැමරුම් උත්සව සංවිධානය නොකළ අතර  කොළඹ හා තදාසන්න්න ප්‍රදේශවල කම්කරුවෝ සුපුරුදු පරිදි අදත් (01) සිය රාජකාරි වල නිරතවන ආකාරය දැකගන්නට ලැබිණි.

එදා  ධනේෂ්වර පංතියට එරෙහිව  කම්කරු පිරිසක් පැය 8 කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. එම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මිය අතර තවත් කම්කරු නායකයින් අත්අඩංගුවට පත් විය.

එම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය.  ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍ර‍කාශයට පත්විය.

ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන්  අවසන් විය.  1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ  නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (7)

කම්කරුවන් රැකියාවට ගිය කම්කරු දිනයක්

විජිත් Friday, 01 May 2020 12:46 PM

අඳුරු කුටිය තුල - දොරගුළු ලාගෙන, ගයන ගීතිකා – යදින යාතිකා දෙවියන් හට නෑසේ… ඒ…දෙවියන් හට නෑසේ පොළව කොටන තැන – පාර තනන තැන ගිනියම් අව්වේ – මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ… දෙවියෝ වැඩ ඉන්නේ… බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ..

:       0       19

පුජා Monday, 04 May 2020 12:27 AM

මෙම ලස්සන ගීතය ,මෙයාලාට ගලපා අප රස වින්දත් ,මෙහි ගැබ්ව ඇති ශෝකාලාපය කෙතරම් දුක්ඛිත එකක් වෙනවා ඇතිද.? කරගැට වලින් පිරුණු රළු අත් වලින් උපයන සොච්චම ,බොහෝ විට යොදාගන්නේ ,මුළු පව්ලේම කුසගිනි නිවාගන්න වෙන්න ඇති. "අත සෙලෙව්වොත් කට සෙලවෙයි " කියලා හිතලා වැඩ කරන අසරණ මිනිසුන්. එයාලාට ඔය කම්කරු දින, කම්කරු නීති මේවා අදාල නැත. දෑසේ කඩතුරා හැර කාගේ හෝ ඇල්මක් , බැල්මක් ලැබ මොවුන්ගේ ජීවිතත් සුඛිත මුදිත වේවා කියන එක තමයි අපෙත් පැතුම.!

:       0       12

Siri Friday, 01 May 2020 08:11 PM

ජාතියේ මුර දේවතාවුන් ... අපේ ප‍්‍රමාණය !!!

:       0       10

Siri Friday, 01 May 2020 08:13 PM

අපිට බැරි වැඩ මෙ...?

:       0       3

Perera Saturday, 02 May 2020 12:29 AM

නවසීලන්තයේ මැයි 01දා ලෝක කම්කරු දිනයක් සමරන්නෙ නැහැ...

:       3       0

vidya Saturday, 02 May 2020 12:43 AM

ඔය කර ගහ ගෙන යන මුට්ටවල තියෙන්නේ තවත් මිනිසෙක් ජීවත් කරවීම සඳහා කන ආහාර වර්ගයි . ඔබ සියලු දෙනාටම හස්තියෙකුට ඇති දිරිය ඇතිවේවා. අපිට මතක හැටියට කම්කරුවා ගැන කතා කරකර , රතුපාට කොඩි එල්ලගෙන , රතුපාට තොප්පි දාගෙන ඉදරියෙන් ගියේ කම්කරුවාගේ පිටේ නැගල හිටපු ආත්මාර්ථකාමී පිරිසක් . දැනුත් එහෙම දේශපාලුවන් පාර්ලිමේන්තුවේ ඉන්නව.... ඉදිරියටත් ඒවි. ඔවුන්ගෙන් පරෙස්සම් වෙලා ඉන්න මේ වෙලාවේ ඇති වෙලා තියන ව්‍යවසනේ දුරු කරන්න ඔබතුමාලා අව්වේ වැස්සේ දරන වෙහෙස කොපමණ අගය කල යුතුද ?

:       2       35

ගමරාල Saturday, 02 May 2020 12:47 AM

ධනේෂ්වර පන්තියට එරෙහිව කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවරට රැස්වුනේ 1988 මැයි පළමුවෙනිදා නොවේ. නිවැරදි කරමුද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site