
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ ලලිත් චාමින්ද)
ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් තිබෙන සිව් මහල් ගොඩනැගිල්ලක පසුපස කොටසේ පැති බැම්මක් සඳහා කම්බි බඳිමින් සිටි පිරිසක් මතට යාබදව තිබූ පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉමදුව,ඉහළ වල්පොල,මීගොඩ වත්තේ පදිංචිව සිටි පී.ජී.ප්‍රසංග සංජීව නැමැති තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූ අනෙක් තිදෙනාද ඉමදුව ප්‍රදේශයේම පදිංචි කරුවෝ වෙති.
මෙම අනතුර සැලවූ වහාම පොලීසිය, ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ කංඩායමක්, ගිනි නිවන හමුදාව,හා ප්‍රදේශවාසින් එක්ව සිද්ධිය වූ ස්ථානයට පැමින දැඩි පරිශ්‍රමයක් දරා පස් කන්දට යටව සිටි දෙදෙනෙක් බේරා ගැනීමට කටයුත කළේය.


2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් වැටෙයි