(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීම සදහා වු අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (18) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරිණි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එම පෙරමුණේ සභාපති ජී.එල් පිරිස් , ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.
ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර






ඡායාරූප - රංජිත් රාජපක්ෂ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මැතිදුනි, ටි එන් ඒ යෝජනා මේ රට විනාශ කරන ඒවයි. ඒවා ප්‍රතික්ෂේප කරන්න. අපි ඔබ තුමාව රැකගන්නම්. රනිල් ගේ ගැටවලට අහුවෙන්න එපා.
මොකද්ද ඉතින් අලුත් අවභෝධතාවයක අවශ්‍ය තාවය ? එයා හැමදාම හිටියේ ඔය කණ්ඩායම එක්කමනේ. දේශප්‍රේමී කණ්ඩායම නම් මේවා ගැන කතා කරන එකක් නැහැ මගේ හිතේ.
සජිත් මැතිදුනි හිස කෙලින් කර ගෙන ටි එන් ඒ යෝජනා ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් පාක්ෂිකයට පාරේ බැස යාමට නොහැකි වේවි
ජාථිවාදී පදනමින් ලබන ඡන්දනම් ඕන නැහැ . නමුත් සුළු ජන කොටස් සමග සමිප ඇසුරක් අවශ්‍යයි . අන්තවාදී නොවන කොටස් සමග සම්බන්ද වීම වඩාත් වටිනවා . ඡන්දය දිනිය හැකිය යන අධිමානයෙන් සුළු ජන කොටස් ඉවත් කිරීම සුදුසු නැහැ .කවුරුත් මිනිසුන් හැටියට සැලකිය යුතුයි . නායකයා නිහතමානි විය යුතුයි .
ගෝඨාබය මහත්තයෝ... කවුරු එක්ක සම්බන්ද වුනත් කමක් නෑ .. 16ය පහුවෙනකන් "සිරිසේන මහත්තයවනම්" විශ්වාස කරන්න එපා....
අනේ අන්තිමට එකම කට්ටිය නේද මේ ඉන්නේ, මොකටද අනේ ඡන්ද තියන්නේ. අනේ මෙහෙමත් රටක්. අහිංසක ජනතාවට සහ රටට දළදා සමිදු පිහිටයි
අනේ පව්
මොන ගිවිසුම් ගැසුවත් සුළු ඡන්ද ඔක්කොම වැටෙන්නේ සජිත්ටයි .. ඝෝටා වියත් සමුළු තියමින් යනකොට ජනතාව සිතා සිටියේ ඔහු මහා උගතෙක් කියලයි. අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරිව තටම තටම ඊට නොගැලපෙන උත්තර කියමින් ඒ උත්තරත් හිරවුණාම අයිය පැනලා උත්තර දෙනකොට තමයි ජනතාවට තේරුණේ... ගෝඨා කියන්නේ මැටි කළයක් කියලා... ඒක නිසානේ පොහොට්ටුවෝ මාධ්‍යවලට උත්තර දීම ගෝඨාට තහනම් කලේ.. සරත් ෆොන්සේකා කියලා තිබෙනවා ගෝඨාට හමුදාව ගැන වැටහීමකුත් නැහැ කියලා. එහෙම නම් දැන් හොයන්න වෙනවා ගෝඨා හමුදාවට ගියේ මොන සුදුසුකමකින්ද? ඒ වගේම කර්නල් කෙනෙක් වුනේ කොහොමද කියලත්? හැබැයි මොහු දුෂණ, භීෂණ, ඝාතන වලට වගේම රාජකාරියේ ඉන්න පොලිස් නිලධාරීන්ට තර්ජනය කර එතැනින් එලවා දැමීමට නම් සුදුසුකම් සපුරලා තිබෙනවා.
මේක සිංහලයෝයි, ද්‍රවිඩයෝයි දෙගොල්ලොම රවට්ටන ගිවිසුමක් .. !