
(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයෙන් පසු වසර පහක් කෝමා තත්ත්වයේ සිටි අය දැන් එකවරම අවදි වී නොයෙක් වාර්තා ඉල්ලන්නේ සැබෑ පරීක්ෂණ වෙන අතකට හැරවීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායකදී පැවසීය.
කෝමා තත්ත්වයෙන් එක්වරම අවදි වී කෑ ගසන පුද්ගලයාගේ සැබෑ වුවමනාව පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් හඳුනාගැනීම නොව සැබෑ වරදකරුවන් සැඟවීම යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පාස්කු වරදකරුවන්ගේ කුලී කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් ඉටුකරන බව බව කී ජනාධිපතිවරයා තම රජය එම බලපෑම් වලට හිර නොවී සැබෑ පරීක්ෂණය කර රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරන බව සඳහන් කළේය.
මෙරට පරීක්ෂණ මෙහෙයවීම සඳහා අත්දැකීම් තිබෙන අය බඳවාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා වැලලී ගිය පරීක්ෂණ විධිමත් කිරීම සඳහා අවශ්‍ය වන ආයතන පද්ධතිය සක්‍රීය කර තිබෙන බව පැවසීය.
බලය ලබාගැනීම සඳහා පාස්කු ප්‍රහාරය මැතිරූ 2019 වසරේ ජාතිවාදය වපුරා කුරුණෑගල මහ රෝහලේ ගර්භාෂ යුද්ධයක් ගැන කතා කළ අය දැන් කලබල වී සිටින්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
කෝමා තත්වයේ සිට අවදි වූ පුද්ගලයා කියන වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා බව කී ජනාධිපතිවරයා එම වාර්තා දෙකම විමර්ශන වාර්තා නොවේ යැයිද මේ වන විටත් ඒවා අදාළ ආයතන වලට යොමු කර ඇතැයි ද පැවසීය.
" රනිල් වික්‍රමසිංහ චැනල් ෆෝ නාලිකාවේ ගිය වීඩියෝ පටය පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා කමිටුවක් පත් කළා.එය කිසිසේත්ම විමර්ශන කමිටුවක් නොවේ.එය විසින් වාර්තාවක් දී තිබෙනවා.
දෙවැන්න පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශ වලින් යම් වැරැද්දක් සිදුවීදැයි විමර්ශනය කිරීම සඳහා තවත් කමිටුවක් පත්කර තිබෙනවා.එයත් විමර්ශන කමිටුවක් නොවේ.ඒ රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද කමිටු.ඒ කමිටු දෙක විසින් වාර්තාවක් ලබා දී තිබෙනවා.ඒ වාර්තා ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයටයි.ඒ වාර්තා වලට සිදුවූයේ කුමක්දැයි මා හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් විමසුවා.එම එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ඔහු මට කිව්වා.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර තිබෙන බවත් ඔහු දැනුම් දුන්නා.
තව වාර්තාවක් නීතිපතිවරයාට යොමු කර තිබෙනවා.ඊට අමතරව අගරදගුරු මණ්ඩලයේ ලේකම්තුමාටත් එක වාර්තාවක් යොමු කර තිබෙන බව දැනුම් දුන්නා.
ඒ වාර්තා කිසිවක් රහස් වාර්තා නොවේ.ඒවා දැනටමත් අදාළ ආයතන වලට යොමු කර තිබෙන බව කිව යුතුයි. හැබැයි රනිල් වික්‍රමසිංහ සමහර කමිටු හැදුවේත් ඔහුගේ වුවමනාව තිබුණේත් මේ පරීක්ෂණ ඇත්ත දිශාවට යොමු කිරීම නොවේ.යටපත් කිරීමයි.
ජාතික ජනබලවේගයේ අපි පෙරලන බාල්දි වලට යටවන්නේ නැහැ. බාල්දි පෙරලන අයට ඉඩ දෙන්නෙත් නැහැ යැයිද ජනාධිපතිවරයා පැවසීය. ජාතික ජන බලවේගයේ කටුනායක ජන රැලියට සහභාගී වෙමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර, තමන්ගේ පක්ශෙට අන්තිම මාසේ කඩේ ගියපු දෙන්නෙක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම පක්ෂය වෙනුවෙන් වැඩ කරපු මිනිස්සුන්ව පාවා දෙන්න එපා...!
පාස්කු අපරාධකරුවන් ඇල්ලීම උගන්ඩාවේ සල්ලි ගෙනාව එක වගේ වෙයිද...?
කෝමා තත්වයෙන් සිටි මිනිස්සු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් සිදුවූ විශාල වරදක ප්‍රතිඵලය තමයි මේ... ලබන මස පැවැත්වෙන ඡන්දයෙන්වත් මෙය නිවැරැදි කළ යුතුයි...
කට උල් කරලා කියන්න පින්වතුනි...!
ඡන්දෙට කලින් හිටිය කොමෙන්ට් බලකාය ආයෙමත් වැඩ වගේ. කලබල වෙලා...!
අනුරට උපදෙස් දෙන්න කලින් මොකද තම තමන්ගේ පක්ෂ වල ප්‍රශ්නය විසඳගන්නෙ නැත්තෙ? ජාතික ජනබලවේගය ගෙනියන වැඩපිළිවෙළ අනුව සමහර උන්ට සදහටම බලයට ඒමට තබා නිදහසේ ඉන්නවත් බැරි වෙනෙවා. ඒක දන්න උන්ගෙන් යැපිච්ච කුලී ලියන්නන් මඩ ලියනවා.
හොරු අල්ලන එක ප්‍රමාද නම් හොරුන්ට බාර වෙන්න කියන්න. වැඩේ කරන කම් ඉවසිල්ලක් නැත්තේ හොරුන්ට ඡන්දෙ දීපු අය තමයි...
ගම්මංපිලට විතරක් නොවෙයි, රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලිය සහ ඔවුන්ගේ සහචරයින් සියල්ලෝම කාලයක් තිස්සේ බලය නිසා කෝමා තත්වයට පත්වෙලා හිටියේ. තවම පියවි සිහිය හරියට ලැබිලා නැහැ. වැලිකඩ රෝහලෙන් ඉක්මණින් ප්‍රතිකාර ගන්න වාසනාවා ලැබේවා..!
අනුර රඟපාන්න හොඳට දන්නවා. හැමදාම ඔය රගපෑම් කරන්න බැහැ මහත්තයෝ. සත්‍ය දවසක එළිවෙනවා.
ඔහොම යන් ජනාධිපති තුමෝ.
ගම්බන්පිල එක පාරටම නින්දෙන් ඇහැරිලා...
පාස්කු ප්‍රහාරය එල්ල වෙනකොට රටේ ජනාධිපති අනුර වගේ නේ කට්ටිය කතා කරන්නේ