(උපාලි ආනන්ද)

ධාවනයට නුසුදුසු  ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි රහිතව ධාවනය කර මාරක රිය අනුරක් සිදු කොට පුද්ගලයකු මරණයට පත් කර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැබැඳි වැරදි සම්බන්ධයෙන්   අධිකරණ හමුවේ චෝදනා පහක් ලබා සිටි ලංකා ගමනා ගමන මණ්ඩලයේ  රියදුරකු  එකී සියලු   චෝදනාවන්ට වරදකරු බවට තීන්දු කළ කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය විත්තිකාර රියදුරාට  බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස  නියම  කළාය. වන්දි මුදලට අමතරව රුපියල් 66500ක දඩයක් ගෙවන ලෙස ද නියෝග කළාය.

එම දඩ මුදුල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් මාස 3 ක සිර දඩුවමක්ද නියම කෙරිණ. ඊටද අමතරව මරණකරුගේ පාර්ශයට මුදලින් රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකාර ලංගම රියදුරාට නියෝග කළ මහේස්ත‍්‍රාත් නිමේෂා පටබැඳිගේ  මහත්මිය එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසරක සිර දඬුවමක් ද  නියම  කෙරිණ.