(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැතිවරයා පත්කර කැබිනට් මණ්ඩලය වහාම ස්ථාපනය කරන්නැයි ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පක්ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (11) ඉල්ලීමක් කළහ.
මෙම රැස්වීම ආරක්ෂක හේතූන් මත ඊයේ පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේය.
එම ඉල්ලීම තමන් ලිඛිතව බාරදෙන බවද පක්ෂ නායකයන් මෙහිදී සඳහන් කර ඇත.
ඒ අනුව කතානායකවරයා එම ඉල්ලීම කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මේ අතර රටේ පවතින තත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සමස්ත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නැයිද පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.
මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය බාරදී ඇති විශ්වාසය කඩවීම පිළිබඳ යෝජනාව ලබන සතියේ විවාදයට ගැනීමටද කතානායකවරයා මෙහිදී එකඟවී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (12) උදේ 9.30ට නැවත හමුවීමටද තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා රැස්වෙන බව කතානායකවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී සඳහන් කර ඇත.
මේ සූම් රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රංජිත් මද්දුමබණ්ඩාර ,එම්.ඒ සුමන්දිරන් ඇතුළු පක්ෂ නායකයෝ රැසක් සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කැබිනට් මණ්ඩලය පත් කරන්න
de silva Wednesday, 11 May 2022 08:09 PM
විශ්වාස භංගයට ගෝඨාට පක්ෂව ඡන්දෙ දෙන අයට හොඳට කන්න පුළුවන්..
ගමේ එකාලා Wednesday, 11 May 2022 08:42 PM
හොඳ නාඩගම්කුත් බලන්න පුලුවන් වේවී...!
Gamiya Wednesday, 11 May 2022 09:12 PM
ඇමැතිවරුනි, සූම් තාක්ෂණය හරහා පත් කරන්න. ඊට පස්සේ ඔක්කොම දේවල් සූම් තාක්ෂණයෙන් කරන්න පුළුවන්..!