
(අංජුල මහික වීරරත්න)
කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණඅමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ තියන්නයි බෙහෙත් ගෙන්නයි මිනිස්සුන්ට පඩි ගෙවන්නයි සල්ලි නැති උනාට මුන්ට ඇමතිකම් දීල පොට්ටනි පුදන්න සල්ලි තියෙනවනෙ?
අවුරුදු 2ක් තියෙනව. ඇතිවෙන්න හම්බකරගන්න.
අයියෝ රනිලො කියලා කෑගහපු ගෑනි නේද මේ ? මුන්ට මොන ආත්ම ගරුත්වයක්ද ? තමන්ට වාසියක් වෙනවා නම්.
පරණ දාන් ඉත්තොමයි , කිසිම වෙනසක් නෑ.
ඇත්තටම මෙ කාලකන්නියට පිස්සුද? තව තිත්ත බෙහෙත් බොන්න තියෙනව කිය කිය මෙන්න මෙ අපතය කරන වැඩ.
කන්චන උන්නැහේ පොහොට්ටු ලේකම් සමග කෙදිරිගගා රට වටේ යනකොට ආයෙත් කිසිදාක ලොක්කෙක් ලෙසට රට වටේ යන්න නොලැබෙන නිසා යනවා කියලා තමයි අපිට හිතුනේ. ඒත් බැලුවම නෝනට ඇමතිකමක් කියකියා තමයි පස්සෙන් ගිහිල්ලා තියෙන්නෙ. පස්සෙන් ඒම නවතා ගන්න බැරුව පොහොට්ටු ලේකම් ඔහුගේ ලේකම් ලවා පත්වීමක් දුන්නා එහෙනම්
තමන්ගේ බූදලය වගේ ඇමතිකමි බෙදනවා
පිනා ජනමාද්‍ය ඉස්සරහට ඇවිල්ල ආණ්ඩුවට සල්ලි නැහැ කියන ගමන් , අනිත් අතින් පොහොට්ටුවේ උවමනාවට ඇමතිකම් බෙදනවා ඉවක් බවක් නැතිව
මේ ආන්ඩුව නම් රටට සාපයක්.. කොරෝන කාලෙ සෞක්‍යය කෑව.
රටේ මිනිසුන්ට කන්න, බෙහෙත් ගන්න සල්ලි නැති වුණාට, මේ අයට වැජඹෙන්න නම් සල්ලි තියෙනවා...
තව මදි. තව ඕනේ.
මේ රොත්තම හැකි ඉක්මනින් එලවා දමන්න කාලය ඇවිත්.