(පියදාස සමරවීර)
කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවා කටයුතු අවසන් කොට නිවෙස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටී නීතිඥවරයකූට එල්ල වු මැර ප්‍රහාරයකින් තුවාල ලබා පදවිය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පදවිය පොලීසිය කියයි.
පදවි - ශ්‍රී පුර කාවන්තිස්සපුර පදිංචි 26 හැවිරිදි නීතිඥවරයා මෙසේ මැර ප්‍රහාරයකින් තුවාල ලබා ඇත.
පදවිය අලිවංගුව නගරයේ දී ඊයේ (2) දා සවස 4.00 ට පමණ සුදු වෑන් රථයක් නීතිඥයා ගමන් ගත් මාර්ගය අවහිර කර බීමත් දෙදෙනකු තමනට බෑණ වැදී අතින් පයින් පහර දුන් බව අප කළ විමසීමේදී පහරකෑමට ලක් වූ නීතිඥවරයා පැවසීය.
එකී පහර දුන් පුද්ගලයන් දෙදෙනා හදුනාගත් බවත් ඔවුන් අලිවංගුව ප්‍රදේශයේම පදිංචි කරුවන් බවද පහර කෑමට ලක්වූ නීතිඥවරයා වැඩිදුරටත් කිය.
මේ සම්බන්ධව පදවිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ සැකකරුවන් එදිනම සොයා යාමේදී ප්‍රදේශයෙන් පලාගොස් සිටි බවත්, මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විත්තිකරුවෙක්ව බෙරා ගන්නට බැරි උන නිසාද ? එහෙමත් නැතිනම් සිර දඩුවම් ලබා දුන්නු නිසා වත්ද ?
මෝටර් සයිකලේට තුවාලද? මිනිස්සු මෝටර් සයිකලය බේරගන්න ඉදිරිපත් වුනේ නැද්ද? නීතිඥයාට නම් බෙහෙත් ටිකක් දාගන්න පුළුවන්...