(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න නිශ්චිතව සොයා ගැනීම සඳහා ඔහුගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

මරණයට හේතුව සොයා ගැනීම සඳහා තව දුරටත් විමර්ශන සිදුකරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රුධිරය, මුත්‍රා, පටක, අවයව, හා නියපොතු සියල්ල රසායනාගාර විශ්ලේෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඒ අනුව සම්පූර්ණ වාර්තාවක් ලද විගස සමස්ත පශ්චාත් මරණ වාර්තාවක් ඉදිරිපත් කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර අරවින්ද සිල්වා මහතාට අයත් කොල්ලුපිටිය ප්‍රේදිස්පාරේ දෙමහල් නිවසේ කාමරයක තිබියදී හමු වූයේ ඉකුත් 08 වෙනිදිනයි.

චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්වාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්ද පත්කෙරිණි